ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    කිරිවෙහෙර පුද බිමේ සහ කතරගම දෙවොලේ දී යුද හමුදා ධඡයන්ට සෙත් පතයි

    ඔක්තෝබර් 08, 2015
    ඵෙතිහාසික කතරගම කිරි වෙහෙර වහන්සේ අභියස දී හා  කතරගම දේවාල භූමියේ ඉදිරියේ දී සැමරීමට නියමිත යුද හමුදා දිනයට (ඔක්තෝබර් 10) හා 66 වන යුද හමුදා සංවත්සරයට සමගාමීව යුද හමුදා ධඡයන්ට සෙත් පැතීම යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් සිය ගණනක් වූ යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ සහභාගිත්වයෙන් ඊයේ (07) පස්වරුවේ පැවැත්විණි.
     
     
    යුද හමුදාවට අයත් සියලු රෙජිමේන්තු, ආරක්ෂක සේනා මූලස්ථාන, පුහුණු පාසල්, සේනාංක, බල සේනා හා ඒකකයන්ට අයත් ධඡයන් රැගෙන යුද හමුදා සාමාජිකයන් හේවිසි ශබ්ද පූජා මධ්‍යයේ කතරගම කිරි වෙහෙර තෙවරක් පැදකුණු කළ අතර,  ආගමික වතාවත් ඉටු කරමින් යුද හමුදාවට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද පැතීය. 
     
    එමෙන්ම කතරගම පූජා භූමියේ ගිලන්පස පූජාවෙන් අනතුරුව පොල් තෙල් පහන් 1500ක් දල්වනු ලැබීය.   
     
    අනතුරුව මහා සංඝරත්නය වෙත පිරිකර පූජා කිරීමෙන් අනතුරුව වර්ණවත් යුද හමුදා ධඡයන්ට විශේෂ පූජා පවත්වමින් මහසෙන් දේවාලයේ දී සහ කතරගම දේවාලයේ දී ආශිර්වාද ගන්වනු ලැබීය. 
     
    යුද හමුදා කාවඩි ශිල්පීන් මෙන් ම හේවිසි කණ්ඩායම් ද සමඟින් යුද හමුදාපතිතුමා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙම කටයුතු සඳහා දායක වෙමින් ගෞරව පෙරදැරිව තේවාවන් ඉටු කළහ. 
     
    අනතුරුව දේවාල භූමියේ මුරුතැන් පූජාව පවත්වනු ලැබූ අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිවරුන් සමගින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් බොහෝ පිරිසක් සහභාගි වූහ.
     
    යුද හමුදාපතිතුමා විසින් මෙහිදී කිරිවෙහෙර සහ කතරගම දේවාලයෙහි ඉදිරි කටයුතු සඳහා රුපියල් ලක්ෂ පහක මුදලක් ද පරිතයාග කරනු ලැබීය.
     
    army.lk
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya