ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් මොටෝට්සුගු ශිගේකාව මහතා ඊයේ (07) දින සන්ධ්‍යාවේ අමාත්‍යංශ පරිශ්‍රයේ දී ආරක්‍ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා හමුවිය. මෙම සුහද හමුවේදී කපිතාන් මොටෝට්සුගු ශිගේකාව මහතා සහ හෙට්ටිආරච්චි මහතා අතර ද්විපාර්ශවීය වශයෙන් දෙරටට වැදගත් කරුණු පිළිබඳ ව සකච්ඡාවක් පැවති අතර හමුව අවසානයේ ජපාන නියෝජිතයා විසින් හෙට්ටිආරච්චි මහතා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීමද සිදුවිය. defence.lk