ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ජපන් රජයෙන් උතුරේ බිම් බෝම්බ ඉවත් කරන්න රුපියල් මිලියන 108ක්

    ඔක්තෝබර් 15, 2015

    ජපන් රජය විසින්  ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ක්‍රියාත්මක වන බිම්බෝම්බ ඉවත් කිරිමේ මානුෂික මෙහෙයුම සඳහා එම රජයේ බිම් මට්ටමේ මානව ආරක්ෂණය සඳහා වන ව්‍යාපෘතිය යටතේ  ඇමරිකන් ඩොලර් 811,311 ක් (රුපියල් මිලියන 108කට ආසන්න) ආධාර මුදලක් ලබාදීමට තිරණය කර ඇත.

    ආධාර ගිවිසුමට අඟහරුවාදා (13)  කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලයේ දි ජපාන තානාපති කෙනිචි සුගනුමා මැතිතුමා හා ද හලෝ ට්‍රස්ට්හි වැඩසටහන් කළමණාකාර ඩෙමියන් මහත්වරුන් ඒ සඳහා අත්සන් කළහ.

    ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක වන ද හලෝ ට්‍රස්ට්හි බිම් බෝම්බ ඉවත් කිරිමේ මානුෂිය මෙහෙවර උතුරේ ජනතාවට නැවත පැමිණ තම ජිවිකාවන් ආරම්භ කිරිමටත්, ආරක්ෂිත ප්‍රදේශයක් ඇති කිරිමටත් මුලික පරමාර්ථය වන බව ෆ්‍රැන්සිස් ඕබ්‍රේන් මහතා පෙන්වා දුන්නේ ය.

    දැනටමත් හලෝ  බිම්බෝම්බ නිෂ්ක්‍රීයකරුවන් විසින් බිම්බෝම්බ 12000 කට අධික ප්‍රමාණයක් ඉවත් කර  ඇති අතර එම ප්‍රදේශ වල ජනතාව ජිවත් වන බව ඕබ්‍රියන් මහතා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya