ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ඇස්බැස්ටස් භාවිතයට විකල්ප භාවිත ගැන රජයේ අවධානය

    ඔක්තෝබර් 15, 2015

    2018 වසරේ සිට ඇස්බැස්ටස් භාවිතය තහනම් කිරීමට ගත් තීරණයත් සමග ඇස්බැස්ටස් සඳහා දැනට සොයාගෙන ඇති විකල්ප භාවිතය ක‍්‍රමවත් කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු කෙරේ.

    මේ පිළිබද සාකච්ඡුාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.


    දැරිය හැකි මිල ගණන් වලින් යුත් ගුණාත්මක විකල්ප ඇති කිරීම, වැඩි දියුණු කිරීම සහ ඒවා භාවිතය පිළිබඳව ජනතාව දිරි ගැන්වීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

     

    පාසැල්, රෝහල් හා අනෙකුත් රජයේ ගොඩනැගිලි සඳහා ඇස්බැස්ටස් නොවන සෙවිල තහඩු සහ ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිතය පිළිබඳවද අවධානය යොමු විය.

     

    එසේම වාහන බ්‍රේක් තහඩු, ක්ලච් තහඩු, ගැස්කට්, ඇස්බැස්ටස් කඹ වැනි ඇස්බැස්ටස් සියලූම නිෂ්පාදනද 2018 වසරේ සිට තහනම් කිරීමටද අවධානය යොමු කෙරිණි.

     

    සෑම ඇස්බැස්ටස් වර්ගයක්ම පාහේ ඇස්බැස්ටෝසිස් නම් රෝග තත්ත්වය ඇති කරයි. ඇස්බැස්ටෝසිස් යනු ක‍්‍රම ක‍්‍රමයෙන් වර්ධනය වන, පෙනහළු තන්තු වලින් වැසී යන, දැඩි අවදානම් රෝගී තත්ත්වයකි. මේ වන විට සියලූම වර්ගවල ඇස්බැස්ටස් මිනිස් පිළිකා කාරක බව සොයාගෙන ඇත. සෑම ඇස්බැස්ටස් වර්ගයක්ම මිනිසාගේ මිසොතිලියෝම පිළිකා, පෙනහළු පිළිකා, ස්වනාල පිළිකා හා ඩිම්බකෝෂ පිළිකා ඇති කරන බව අද වන විට ස්ථීර වශයෙන්ම සොයාගෙන තිබේ.

     

    සෞඛ්‍ය සම්පන්න ජනතාවක් රට තුළ ගොඩනැගීමේ අරමුණින් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි 2018 වසරේ සිට මෙරටට ඇස්බැස් ගෙන ඒම සම්පුර්ණයෙන් තහනම් කිරීමට රජය පසුගියදා තීරණය කළේය.

     

    ඒ පිළිබඳව ජනතාව දැණුවත් කිරිමේ වැදගත්කම මෙහිදී පැහැදිළි කළ ජනාධිපතිතුමා ඇස්බැස්ටස් නිෂ්පාදන ආයතන සහ අළෙවි ආයතනද රජයේ කි‍්‍රයාමාර්ගය පිළිබඳව දැණුවත් කිරීමේ අවශ්‍යතාවය පැහැදිළි කළේය.

     

    එමෙන්ම ප‍්‍රතිපත්තිමය කරුණුවලදී සියලූදෙනා ඒකාබද්ධව රජයේ තීන්දු තීරණ කි‍්‍රයාත්මක කිරීමේ වැදගත්කමද ජනාධිපතිතුමා අවධාරණය කළේය.


    මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි, ජනාධිපති අතිරේක ලේකම් රෝහන කීර්ති දිසානයක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡුාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya