ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    "චන්දන අරණ" මාතර දිස්ත්‍රික් වැඩසටහන ක්‍රියාත්මක කෙරේ

    ඔක්තෝබර් 21, 2015
     
    රුක්රෝපා ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන "චන්දන අරණ" සදුන් පැළ සිටුවීමේ මාතර දිස්ත්‍රික් වැඩසටහන 
    මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාලිම්බඩ - කිරිමැටිමුල්ල දකුණ ඔසු 
    උයනේ දී පැවැත්විණි.
    වදවී යාමේ තර්ජනයට ලක් වූ ශාක සංරක්ෂණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහනේ දී සදුන් පැළ 
    300 ක් වගා කෙරේ. පළමු අදියර යටතේ ඔසු උයන තුළ පැළ 40 ක් වගා කරන ලද අතර ඉදිරියේ දී සුදුසු ස්ථාන වල ඉතිරි 
    පැළ වගා කිරීමට කටයුතු කෙරේ.
     
    ආයුර්වේද දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා යුධ හමුදාව එක්ව වගා කරන ලද සදුන් පැළ නඩත්තු කිරීම හා රැක බලා ගැනීම සිදු කිරීමට නියමිත ය.
     
    මේජර් ගමගේ මහතාගේ උපදේශකත්වය යටතේ 3 වන ගැමුණු හේවා බල ඇණිය මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර මෙම අවස්ථාවට රාජ්‍ය නිලධාරීන්, හමුදා නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසීන් සහභාගි වූහ.
     
    AP/DMU-Matara
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya