ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    රටේ සංවර්ධන ක්‍රියාවලියේ දී විශ්වාස කළ හැකි දත්ත හා තොරතුරු ලබා දීම ඉතාම වැදගත්

    ඔක්තෝබර් 21, 2015
    රටේ අනාගත සංවර්ධන ක්‍රියාවලියේ දී ජනතාවට විශ්වාස කළ හැකි දත්ත හා තොරතුරු ලබාදීම ඉතාම වැදගත් බවත්, රටේ ප්‍රතිපත්ති සැලසුම් සකස්කිරීමේදී මෙන්ම සමස්ත ක්‍රියාවලිය සඳහා නිවැරදි දත්ත හා සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකරන බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථීක කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
     
    2015 ජූනි මස 03දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරගත් යෝජනාවක් අනුව 2015 ඔක්තෝම්බර් 20ට යෙදී ඇති ලෝක සංඛ්‍යාන දිනය සැමරීමේ ජාතික සම්මන්ත්‍රණයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පැවසීය.
     
    "දත්ත කියන්නේ රටක සංවර්ධනයේ ඉතාම වැදගත් කොටසක්. ජාතික ප්‍රතිපත්ති සැලසුම් කිරීමේදී මෙන් ම රටේ සමස්ත ක්‍රියාවලියේ දී නිවැරදි දත්ත හා සංඛ්‍යාලේඛන ලැබීම අත්‍යවශ්‍ය කාරණයක්. රජයක් ලෙස අපි පිළිගන්න වැදගත්ම දෙයක් තමයි ජනතාවට පිළිගත හැකි දත්ත හා තොරතුරු ලබා දීම ඉතාම වැදගත් කියන කරුණ. රටේ සංවර්ධනයේ දී වඩාත් නිවැරදි දත්ත හා තොරතුරු ලබා දීම වැදගත් කියන ප්‍රතිපත්තිය ජනාධිපතිතුමාත් අගමැතිතුමත් පිළිඅරගෙන තිබෙනවා. රට ශීඝ්‍ර දියුණුවක් කරා යාමටත් මෙම ප්‍රතිපත්තිය බලපානවා". 
     
    "ගෝලීයකරණය වූ ලෝකය තාක‍්ෂණයත් සමග වේගයෙන් සංවර්ධනය වෙමින් තිබෙනවා එහිදි රටක් ලෙස අපිටත් සැලකිය යුතු කැපකිරීමක් කිරීමට සිදුවෙනවා.  ශ්‍රී ලංකාව නිදහස ලබාගත් දිනයේ සිටම නිවැරදි දිශාවකට රට ගමන්කිරීමටත්, රටේ සංවර්ධනයට මෙන් ම ඒ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමටත්, රටේ සමස්ත ක්‍රියාවලිය ක්‍රමවත්ව පවත්වා ගෙන යාමටත් ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විශාල දායකත්වයක් ලබා දීලා තිබෙනවා".
     
    යුද්ධයෙන් තොර ශ්‍රී ලංකාව තුළ නිවැරදි දත්ත හා සංඛ්‍යා ලේඛන ලබා ගැනීම පහසු කාර්යයක් වෙලා තිඛෙනවා.  නව රජයේ බලාපොරොත්තුව සංවර්ධිත දේශයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමයි. ඉතා හොඳ අලුත් රටක් නිර්මාණය කිරීමේදී ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අනාගත කාර්යභාරය තව තවත් අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත්වනු ඇති බවත් අලුත් රටක් නිර්මාණය කිරීමේ දී සියළුදෙනා එක්ව කටයුතු කිරීම වැදගත් වනු ඇතිබවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථීක කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එම්.අයි.එම්. රෆීක්, ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක‍ෂ ජනරාල් ඒ.ජේ. සතරසිංහ යන මහත්වරු ද, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථීක කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ සහ ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya