දෙරටේ ජාතික ප්‍රතිපත්ති සම්බන්ධව අභ්‍යන්තර සහයෝගීතාවයෙන් කටයුතු කිරීම පිළිබඳව විශේෂ කමිටුවක් පත්කිරීම වෙනුවෙන් කියුබානු තානාපතිවරයා සහ අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් සිදු කෙරුණ අතර එම විශේෂ කමිටුවට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ශී‍්‍ර ලංකා රූපවාහිනි සංස්ථාව, ජනමාධ්‍ය අමාත්‍යාංශ්‍යය සහ කියුබානු තානාපති කාර්යාලීය නිලධාරීන් ඇතුළත් විය යුතු බවට ද මෙහිදී සාකච්ඡා කෙරුණි.
ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති නීතිඥ රවී ජයවර්ධන, ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නීතඥ නන්ද මුරුත්තෙට්ටුව, රජයේ ප්රවෘත්ති අධ්‍යක්ෂිකා ආචාර්ය දර්ශනී ගුණතිලක, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වජිර නාරම්පනාව යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.
SDF