ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ළමා ශ්‍රමිකත්වයෙන් තොර කලාප පිහිටු වීමේ දිස්ත්‍රික් වැඩසටහන ගාල්ලේ දී

    ඔක්තෝබර් 30, 2015
     
    ළමා ශ්‍රමිකත්වයෙන් තොර කලාප පිහිටුවීමේ ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන පසුගියදා  දකුණු පළාත් නියෝජ්‍ය කම්කරු කොමසාරිස් වසන්ත පුංචිහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. 
    ළමා අයිතිවාසිකම් සම්බන්ධව පළමුවරට එංගල්ටයින් ජෙබ්  1923 වර්ශයේ හඳුන්වා දුන් අතර පසුව 1924 වර්ෂයේ ජිනීවා ප්‍රකාශය, 1948 වර්ෂයේ මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය හා 1959 එක්සත් ජාතින්ගේ අයිතිවාසිකම් ප්‍රඥප්තිය මගින් ළමා ශ්‍රමිකත්වය සහ අයිතිවාසිකම් ආරක්ෂ කිරීම වෙනුවෙන් කටයුතු සැලසී තිබේ.
     
    මෙම  වැඩසටහන රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරුණු අතර මෙය දීප ව්‍යාප්ත වැඩ සටහනකි.
     
    එමෙන්ම ළමයින් සම්බන්ධව නීත්‍යානුකුල ක්‍රියාමාර්ග ගැනීමේ දී එම දරුවන්ගේ පවුල් පරිසරය සම්බන්ධව විමසිලිමත් විය යුතු බවට මෙහිදී අවධාරණය විය. ගාල්ල දිස්ත්‍රික්කයේ ළමා හා කම්කරු කටයුතු සම්බන්ධව ක්‍රියාත්මක සියළුම රාජ්‍ය ආයතන නිලධාරි හූ මේ අවස්ථාව සඳහා සහභාගී වී සිටිය හ.
     
    AP/DMU-Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya