ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    2015 අන්තර් විධාන ගොඩබිම් සටන් පුහුණු තරගාවලිය සාර්ථක ව අවසන් වේ

    ඔක්තෝබර් 30, 2015
    ත්‍රිකුණාමලය නාවික කඳවුරේ වෙඩි පිටියේ දී ඊයේ (29) පැවති 2015 අන්තර් විධාන ගොඩබිම් සටන් පුහුණු  තරගාවලියේ සමාප්ති උත්සවය නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 
     
    මව්බිම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගොඩබිම් රාජකාරී සඳහා සෑම අතින් ම දක්ෂ වෘත්තීය නිපුණත්වයෙන් පරිපූර්ණ නාවිකයන් පිරිසක් බිහිකරලීම මෙම තරගාවලියේ අරමුණ බවත් නාවික හමුදාපතිවරයා මෙම තරගාවලිය තුළින් ලබාගත් කණ්ඩායම් හැඟීම හා අන්‍යෝන්‍ය සහයෝගීතාවය පිළිබඳ ව ලද අත්දැකීම් ඉදිරි නාවික ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා අස්වැසිල්ලක් වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 
     
    දින 7ක කාලයක් පැවති මෙම තරගාවලිය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසල හා ගොඩබිම් සටන් පුහුණු පාසල විසින් සංවිධානය කරන ලද අතර, මේ සඳහා 220, 221 සහ 222 බඳවාගැනීමට අයත් නාවිකයන් සහ සියලු ම විධාන නියෝජනය කරන විශේෂ මෙහෙයුම් කණ්ඩායම්වල නාවිකයන් සහභාගී වූහ. 
     
    එක් එක් විධානයන් හි දක්ෂතම වෙඩික්කරුවන් විසින් විධාන ධඡයන් නිරාවරණය කිරීම, විශේෂ මෙහෙයුම් හා ගොඩබිම් සටන්, පැති අවි මගින් සිදුකරන වෙඩි තැබීම් සහ අවි තුනක් උපයෝගී කර ගනිමින් සිදුකරන වෙඩි තැබීම් හි නිදර්ශණයන් ගෙන් මෙම තරගාවලිය විචිත්‍රවත් විය. මෙහිදී තරගකරුවන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කිරීම සඳහා විශේෂ මෙහෙයුම් පිළිබඳ ප්‍රවීණයකු වූ නාවික හමුදාපතිතුමන් ද වෙඩි තැබීමේ ඉසව්වක් සඳහා සහභාගි වූහ. 
     
    මූලික ගොඩබිම් පුහුණු පාඨමාලාව හදාරණ තරගකරුවන් අතර පැවති තරගයෙන් ශාරීරික යෝග්‍යතාවයෙන්, ‍ක්ෂේත්‍ර ශිල්පයෙන් හා ගොඩබිම් සටන්වල මූලික උපක්‍රමයන්ගෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ දකුණු නාවික විධානය සමස්ත ශූරතාවය හිමිකර ගැනීමට සමත්වුණු අතර, නැගෙනහිර නාවික විධානය එහි අනුශූරයන් බවට පත්විය. 
     
    විශේෂ මෙහෙයුම් කණ්ඩායම් අතර පැවති තරගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ නැගෙනහිර නාවික විධානය සමස්ත ශූරතාවයත්, උතුරු මැද නාවික විධානය එහි අනුශූරතාවයත් හිමි කරගන්නා ලදී.
     
    මෙම අවස්ථාවට නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ නැගෙනහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් නීල් රොසයිරෝ, තරගාවලියේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී කොමදෝරු ෆ්‍රෙඩ් සෙනෙවිරත්න, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු නන්දන ජයරත්න සහ නාවික හමුදා මූලස්ථානයේ හා නැගෙනහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ.
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya