ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    අම්පාර සංවර්ධනයට කොරියාවේ සහාය - කොරියානු තානාපති අම්පාරේ චාරිකාවක

    ඔක්තෝබර් 30, 2015

    දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ නව සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා සහාය ලබා දීම කෙරෙහි දකුණු කොරියානු රජයේ අවධානය යොමුව තිබේ.

    මේ සම්බන්ධයෙන් මූලික අධ්‍යයනයක් සිදු කිරීම සඳහා, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ ආරාධනයෙන් කොළඹ සිටින කොරියානු තානාපති වොන්-සැම් චෑන් මහතා දෙදින සංචාරයක් සඳහා ඊයේ (29) සහ අද දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක සංචාරයේ නිරත වෙයි.

     

    දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ හඳුනාගත් ස්ථාන කිහිපයකම ශ්‍රී ලංකා-කොරියානු මිත්‍රත්ව සංවර්ධන ව්‍යාපෘති ඇති කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීම මෙම සංචාරයේ මූලික අරමුණයි.

     

    මෙම සංචාරයේ දී කොරියානු තානාපති වොන්-සැම් චෑන් මහතා, දයා ගමගේ මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය පළමුව අම්පාර දයා ඇපරල් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

     

    ඉන් අනතුරුව ඔවුහු, දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවකට සහභාගී වූහ. එහිදී අම්පාර නගර සංවර්ධන වැඩසටහන සහ වැඩිදියුණු කිරීමට නියමිත කර්මාන්ත හා කෘෂිකර්ම කලාප සම්බන්ධයෙන් සාකච්ඡා කළහ.

     

    දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයින්, ව්‍යවසායකයින් හා සුළු මධ්‍ය පරිමාන නිෂ්පාදකයින් සම්බන්ධ කර ගනිමින් දියත් කළ හැකි සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් වන සාකච්ඡාවකට ද අමාත්‍ය දයා ගමගේ මහතා, වොන්-සැම් චෑන් මහතා සමඟ සහභාගී විය. දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික අවස්ථාවන් පුළුල් කිරීමේ දී හා වෙළඳ පොළ ඇතුළු වෙනත් අවශ්‍යතා සපුරා ගැනීමේ දී තම රජයට ලබා දිය හැකි උපරිම සහාය එම ව්‍යාපාරිකයින්ට ලබා දීම පිළිබඳ අවධානය යොමු කරන බව එහිදී අදහස් දැක්වූ කොරියානු තානාපතිතුමන් සඳහන් කළේය.

     

    ඔළුවිල් ප්‍රදේශයේ කළ සංචාරයේ දී ඔළුවිල් වරාය සංවර්ධනය කිරීම සහ ඒ ආශ්‍රිතව වාසය කරන ජනතාවට එමගින් අත්කරගත හැකි ප්‍රතිලාභයන් සම්බන්ධයෙන් මෙන්ම ඒ සඳහා රජය මැදිහත් විය යුතු ආකාරය සම්බන්ධයෙන් ද අවධානය යොමු කරනු ලැබීය.

     

    SDF

    daa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya