ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    දිවිනැගුම ප්‍රතිලාභීන් සඳහා නිවාස ලොතරැයි චෙක්පත් ප්‍රදානය ගාල්ලේ දී

    නොවැම්බර් 02, 2015
     
    2012/2013 වර්ෂයන් හි දිවිනැගුම ප්‍රතිලාභීන් සඳහා නිවාස ලොතරැයි චෙක්පත් ප්‍රදානය සහ 2013 වර්ෂයේ දිවිනැගුම 
    ව්‍යවසායක වෙළද ප්‍රදර්ශනයේ ප්‍රශස්ථ ව්‍යවසායකයින් ඇගයීමේ උළෙල පසුගියදා ගාල්ල හෝල්දි ගෝල් ශාලාවේ දී පැවැත් විණි. 
    මෙම අවස්ථාව  සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුභසාධන අමාත්‍ය ඒස්.බී දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඒ අනූව වර්ෂ දෙකට අදාළ ජයග්‍රාහකයින් 109 ක් සඳහා ජයග්‍රාහි මුදල් පිරිනැමීම අමාත්‍යතුමන් වෙතින් සිදු විය. එමෙන් ම 2013 වර්ෂයේ දිස්ත්‍රික් දිවනැගුම අළෙවි ප්‍රදර්ශනයේ ව්‍යවසායකයින් අතරින් හොඳම ව්‍යවසායකයින් දස දෙනා මෙහි දී ඇගයීමට ලක් විය.
     
    මෙහිදී අදහස් දැක්වූ සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුභසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පෙන්වා දුන්නේ දිවයින පුරා පිහිටි 1074 වන සමෘධි බැංකු ශාඛාවන් වැඩි දියුණු කිරීමට ඉදිරියේදී ක්‍රියා කරන බවයි.
     
    මෙම අවස්ථාව සඳහා ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි හා පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන්ද සහභාගී වීය. ගාල්ල දිස්ත්‍රික් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මෙම වැඩසහන සංවිධානය කොට තිබුණු අතර වැ.බ ගාල්ල දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකු පොතාගම මහත්මිය ප්‍රමුඛ නිලධාරීහු රැසක්  මේ අවස්ථාවට එක් වී සිටියහ.
     
    AP/DMU-Galle
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya