ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    අකුණු අනතුරු වලකන්න උපදෙස්

    නොවැම්බර් 02, 2015
    ගොවි ජනතාව තමන් සතු දේශීය දැනුමට තාක්ෂණික දැනුමද එක් කර ගෙන අකුණු අනතුරු ආදියෙන් වැළකී තමන්ගේ වැඩ කටයුතු කර ගැනීමට පියවර ගත යුතුයැයි  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස් .ආර්. ජයසේකර මහතා පවසයි.
    ඒ මහතා මෙසේ  ප්‍රකාශ කලේ කාලගුණ විද්‍යා විපර්යාසයන් පිළිබදව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්,ගොවි සංවිධාන නියෝජිතයින් හා කෘෂිකර්ම නිලධාරීන් දැනුම්වත් කිරීම සදහා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවති වැඩමුළුවක් අමතමිනි.
     
    මෙම වසරේ දෙසැම්බර් 26 වන දිනට යෙදෙන ජාතික සුරක්ෂිතතා දිනය සැමරීමේ ජාතික උත්සවය මෙවර පොලොන්නරුවේදී පැවැත්වීමට නියමිතව ඇති හෙයින් එයට සමගාමීව පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කලමනාකරණ ඒකකය මගින් මෙම වැඩ මුළුව සංවිධානය කර තිබිණි.
     
    මහජනතාව කාලගුණ විපර්යාස පිළිබදව දැනගෙන සිටීම වැදගත් .ඒ නිසයි අප මෙවැනි වැඩමුළු රටපුරා පවත්වන්නේ.
    ජනතාව වැසි සහිත අවස්ථාවන් වලදී එලිමහන් වල නොසිටීමට හා ලෝහ ආශ්‍රිත දේපල පරිහරණය කිරීමෙන් වැළකී සිටීමට කල්පනාකාරි විය යුතු අතර  මාධ්‍ය මගින් දැනුම් දෙන කාලගුණ අනාවැකි පිළිබඳව සැලකිලිමත් විම ඉතාමත් වැදගත් . මහජනතාව හා ධිවර ජනතාව සදහා සාමාන්‍ය කාලගුණ  අනාවැකි දිනකට වරක්ද සැලකිය යුතු වෙනසක් සිදුවන ඕනෑම අවස්ථාවකද අප විසින් ඒ පිළිබද දන්වනු ලබනවා යයිද  ජයසේකර මහතා තවදුරටත් පැවසීය.
     
    AP/DMU-Polonnaruwa
     
     
     
      
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya