ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ජාතික ආදර්ශන පාරම්පරික වෙල් යායේ පැළ සිටුවීමේ උත්සවයේදී

    නොවැම්බර් 03, 2015
     
    සමහරුන්ගේ බියක් තියෙනවා මෙගා නගර බිහි කිරීම හේතුකොටගෙන කුඹුරු සියල්ල ගොඩ කර කොන්ක්‍රීට් වනාන්තර ඇති කරයි කියලා.එහෙත් ඒක නෙවෙයි අපේ අරමුණ.පරිසරය ආරක්ෂා කරන ගමන් නගර ඉදි කිරීමේ වැඩපිළිවෙලකටයි අපි යන්නේ.
    මහ නගර සංවර්ධන හා බස්නාහිර පළාත්  සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පසුගියදා මහරගම කිඹුලා වල ජාතික ආදර්ශන පාරම්පරික වෙල් යායේ පැළ සිටුවීමේ උත්සවයේ දී මෙසේ පැවසීය.
     
    තේ, පොල්, රබර් වල මිලෙහි යම් යම් අර්බුද හට ගත්තත් වී වල මිලෙහි හාල් වල මිලෙහි වෙනසක් සිදු වුනේ නැහැ.ලංකාවේ කුඹුරු විශාල ප්‍රමාණයක් තියෙනවා.මේ සියල්ල වගා කළ යුතුයි. එයට අපෙන් ඉවත් වෙලා යමින් තියෙන පාරම්පරික වී ප්‍රබේධ ආරක්ෂා කර ගත යුතුයි.ඒවා අපේ ගොවියන්ගෙන් විනාශ වී යනවා.විවිධ රසායනික  පොහොර භාවිතය  කෘමි නාශක භාවිතය මෙයට හේතු වෙලා.මේ තත්ත්වයට අපේ ජාවාරම්කාර පොහොර සමාගම් වග කිව යුතුයි.ඉස්සර අපි මේවාට විරුද්ධව කතා කලත්, පොහොර සමාගම් ගිල ගෙන සිටි ඇතැම් දේශපාලන නායකයන් නිසා ඒවා ආරක්ෂා  වූනා. ඒ නිසාම ජන ජීවිතය අඩාල වුනා.වකුගඩු රෝගය ව්‍යාප්ත වීමට මෙම සමාගම් වගකිවයුතු වෙනවා. 
     
    “අපි අද බලපොරොත්තු වන්නේ ඊට විරුද්ධව වස විස නැති පාරිභෝගික ක්‍රමයක් ඇති කරන්න.ඒ සදහා අපි මුලින්ම ග්ලයයිෆොසෙට් කෘෂි රසායනය තහනම් කරා.ඉදිරියේ දී දේශීය වී වගාව ආරක්ෂා කරමින් කාබනික පොහොර භාවිත කරමින් කුඹුරු අසවැද්දීමට ගොවියන් පෙළඹවියයුතු වෙනවා අද අපි මේ හදන්නේ එවැනි ආදර්ශයක් ලංකාවේ ගොවියන්ට ලබා දෙන්න යැයි” අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් පැවසීය.
     
    ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට සමගාමීව මෙම ආදර්ශන කුඹුරු යායෙහි පැළ සිටුවීම සිදු වූ අතර මෙම යායෙහි කුඹුරු කැබලි අසූ නවයක් ගොවියන් අසූනවයක් යටතේ වගා කෙරේ. කාබනික පොහොර භාවිත කරමින් දේශීය වී වගා කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
     
    මෙම අවස්ථාවට බස්නාහිර මහ ඇමති ඉසුරු දේවප්‍රිය මහතා, කොළඹ දිස්ත්‍රික් කෘෂි අධ්‍යක්ෂ ඩී.ජී.එස් රත්නපාල මහත්මිය, නිලධාරින් ඇතුලු ගොවීන් රැසක් සහභාගී වී සිටියහ. 
     
    AP/DMU-Colombo
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya