ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම නොවැ.15 දා

    නොවැම්බර් 03, 2015
    අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ රැස්වීම නොවැ. 15 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
    මෙහිදි දිස්ත්‍රික්කයේ සංවර්ධනයට අදාල සියලු ක්ෂේත්‍ර පිළිබදව සාකච්ඡා කිරිමට නියමිත අතර විශේෂයෙන්ම කෘෂිකාර්මික, වාරිමාර්ග, මාර්ග පද්ධතිය, ජලය, විදුලිය, වකුගඩු රෝග නිවාරණය , පුජා නගර සංවර්ධනය ආදි ක්ෂේත්‍ර පිළිබදව ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු කෙරේ. 
     
    තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමේ දී සෑම දිස්ත්‍රික්කයකම සංවර්ධන ක්‍රියාවලින්හි පවතින තත්ත්වය , ගැටළු මෙන්ම ඉදිරි ඉලක්කයන් පිළිබදව මෙම රැස්වීමේ දී සාකච්ඡාවට ලක්කිරීමට නියමිතය. 
     
    මෙම විශේෂ දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධිකරණ රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලය  අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා උතුරුමැද පළාත් සභාව එක්ව සංවිධානය කරනු ලබයි.
     
    රැස්වීම පවත්වන ආකාරය පිළිබද විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අතිරේක ලේකම් කිංස්ලි ප්‍රනාන්දු , අනුරාධපුර දිස්ත්‍රික් 
    ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.  
    අතිරේක දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුලසේන , මහතා ඇතුළු දිස්ත්‍රික්කයේ සියලුම පරිපාලන ප්‍රධානීන් මෙම අවස්ථාවට 
    සහභාගී විය. 
     
    AP/DMU-Anuradhapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya