ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මෙය රටේ සංවර්ධනය ක්‍රමානුකූලව කලයුතු කාලයක් - ක්‍රීඩා අමාත්‍ය

    නොවැම්බර් 03, 2015

    රටේ සංවර්ධනය ක්‍රමානුකූලව කලයුතු කාලයක් බවත් ශ්‍රී ලංකා ද එජාපයේ ද කියා නොසිතා එකට එකතුවෙලා වැඩකරමු යැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

     

    අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කලේ ඉරිදා (01) දින බිංගිරිය ආසනයේ බෝවත්ත නගරයේ මුනිදාස ප්‍රේමචන්ද්‍ර මැතිතුමාගේ වර්ෂපුර්ණ ගුණසමරුව වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන බස්නැවතුම්පොලට මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,

     

    “විශේෂයෙන් මේ ක්‍රියාදාමය තුල අපි ජාතික ආණ්ඩුවක් ලෙස සියල්ලන්ම එකට එකතුවෙලා වැඩ කරන්නේ. අපි මෙපමණ කාලයක් පක්ෂ පාටවලට රණ්ඩුවේවි ජීවත් වුනේ.නමුත් අද ලංකාවේ මරාගෙන මැරුණු පක්ෂ දෙක එකට එකතුවෙලා වැඩකරන කාලයක් උදාවෙලා තියෙන්නේ.

     

    අද ජිනීවා මානව හිමිකම් යෝජනාවේ තියෙන්නේ ලංකාවේ නීතියට අනුව ජාත්‍යන්තර සහයෝගය ගන්න ලංකාවට අවස්ථාව තියනවා කියලා. අද ඩොලරය ඉහළ යනවා, බදු මිල ඉහළ යනවා. ඒ දේවල් අඩුකරගැනීමට කටයුතු කරන්න ඕනේ. රැකියා ගැටලුව විසඳන්න ඕනේ. රටේ සංවර්ධනය ක්‍රමානුකුලව කලයුතු කාලයක් මේක. ශ්‍රී ලංකා ද එජාපයේ ද කියලා හිතන්නේ නැතිව එකට එකතුවෙලා වැඩකරමුයි කියලා මම කියන්න කැමතියි.“ බවය.

     

    මෙම අවස්ථාවට වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, වයඹ පළාත් ප්‍රවාහන හා සමුකාර අමාත්‍ය ගුණදාස දෙහිගම, වයඹ පළාත් සභාවේ උප සභාපති සෝමසිරි ගුණතිලක යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya