ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    දඹුල්ල නගරයේ පාලම් ගංවතුරෙන් ආරක්ෂා කිරීමට පියවර ගැනේ

    නොවැම්බර් 03, 2015

    දඹුල්ල මහ නගර සභා බල ප්‍රදේශය තුළ තම්මැන්නා ඇල සංවර්ධන ව්‍යාපෘතියට සම්බන්ධව ගංවතුරෙන් පාලම් ආරක්ෂා කිරීමට ආරක්ෂක පවුරු ඉදි කිරීමට පියවර ගැනේ.

    මෙම වැඩසටහන යටතේ, තම්මැන්නාව ඇල හරහා පාලම් 7ක් පමණ ආරක්ෂා කෙරෙනු ඇත. එසේම දඹුල්ල-මාතලේ සහ දඹුල්ල-කුරුණෑගල ප්‍රධාන මාර්ග හරහා ඇති පාලම් 2ක්ද, එම වැඩසටහනට ඇතුළත් වේ.

     

    මීට පෙර, අධික වැසි සහිත කාලවලදී තම්මැන්නා ඇල පිටාර ගැලීමෙන් ඇතිවන ගංවතුර හේතුවෙන් දඹුල්ල මහජන සහ පුද්ගලික දේපලවලට අලාභ හානි සිදුවී ඇත. එහෙත්, මෙම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ තම්මැන්නාව ඇලේ රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු සිදු කර ඇල මාර්ගය පුළුල් කිරීමෙන් පසුව, ගංවතුර තර්ජනය සම්පූර්ණයෙන්ම හීන කර ඇත.

     

    පාලම් ආරක්ෂා කිරීමේ මෙම වැඩසටහන කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා බව බලධාරීහු ප්‍රකාශ කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya