ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මොරගහකන්ද ව්‍යපෘතියේ නිදන් වස්තු තැන්පත් කිරිම 06 දා

    නොවැම්බර් 05, 2015
     
    මොරගහකන්ද ව්‍යාපෘතියේ වේල්ල තුළ නිදන් වස්තු තැන්පත් කිරිම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 06 දා පෙ.ව. 10.06 ට යෙදෙන සුභ මොහොතින් සිදු කෙරේ.
    ඇමෙරිකානු ඩොලර් මිලියන 547 පමණ වැය කරමින් ඉදිවන මෙය ලංකාවේ විශාලතම වාරි ව්‍යාපෘතියයි. මොරගහකන්ද වේල්ලේ නිදන් වස්තු තැන්පත් කිරිමෙන් අනතුරුව ව්‍යාපෘතිය නිසා සම්පූර්ණයෙන් යට වන ලග්ගල පල්ලේගම නගරය වෙනුවට ඉදිකෙරෙමින් පවතින නව ලග්ගල පරිපාලන නගරයේ ඉදි කළ රජයේ කාර්යාල ගොඩනැගිලි කිහිපයක්ද ජනාධිපතිවරයා අතින් විවෘත කිරිමට නියමිතය.
     
    ඒ අනුව නව පදිංචිකරුවන්ගේ දරුවන් වෙනුවෙන් ඉදි කළ නව ගුරුවෙල ප්‍රාථමික විද්‍යාලය, සතොස mini cop city ගොඩනැගිල්ල, ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථානය, උපතැපැල් කාර්යාලය සහ නව ලග්ගල පොලිස් ස්ථානය විවෘත කිරිමද සිදුකෙරේ.
     
    එදින ප.ව. 12.30 ට නව ලග්ගල පොලිස් ක්‍රිඩාංගණයේ දී ජනාධිපතිවරයා සහභාගිවන ජනහමුවක් පැවැත්වෙන අතර ප.ව. 3.00 ට බකමූණ නේවාසික ව්‍යාපාර කළමණාකරන කාර්යාල ගොඩනැගිල්ල ජනාධිපතිවරයා අතින් විවෘත වීමට නියමිතය.
     
    මොරගහකන්ද ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍යවරයාව සිටියෙදී 2007 වර්ෂයේ ජනවාරි 25 වන දින මුල්ගල තබා වැඩ ආරම්භ කරන ලදී.
     
    AP/DMU-Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya