ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    පොලොන්නරුවේ රාජ්‍ය සේවකයන්ට දෙමළ භාෂා පුහුණු වැඩසටහනක්

    නොවැම්බර් 05, 2015

    අලුතින් රාජ්‍ය සේවයට බැඳුණු සහ මෙතෙක් දෙවන භාෂා පුහුණුව ලබා නොගත් පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ තමන්කඩුව ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන් සඳහා දින 12ක දෙමළ භාෂා පුහුණු වැඩසටහනක් පැවැත්වීමට ජාතික භාෂා අධ්‍යාපන පුහුණු ආයතනය සහ තමන්කඩුව ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය එක්ව කටයුතු සංවිධානය කරගෙන යයි.

    පොලොන්නරුව නව නගරයේ පිහිටි ධවල මන්දිර ශාලාවේදී පෙරවරු 08.00 සිට පස්වරු 04.00 දක්වා සතියේ දිනවල සහ සති අන්තවල මෙම භාෂා පුහුණු වැඩසටහන පැවැත්වීමට නියමිතව ඇතැයි පොලොන්නරුව අතිරේක දිස්ත්‍රික් ලේකම් හා තමන්කඩුව ප්‍රාදේශීය මහ ලේකම් (වැඩ බලන) සුජන්ත ඒකනායක මහතා ප්‍රකාශ කළේය.

     

    මෙම භාෂා පුහුණුව ලැබීමට අපේක්ෂිත නිලධාරීන්ගේ නාම ලේඛන මේ මස 09වෙනි දිනට ප්‍රථම ලබා දෙන ලෙස ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ. එසේම භාෂා පුහුණුව පැවැත්වෙන දිනයන් පසුව දැනුම් දීමට නියමිතය.

     

    dmu_Polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya