මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය රාජ්‍ය නිලධාරීන්ගේ මානසික සෞඛ්‍ය සංවර්ධනය කිරීමේ අරමුණින් මනෝ උපදේශනය මිශ්‍රිත ගී රසවින්දන වැඩසටහනක් මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙම වැඩසටහනේ සම්පත් දායකත්වය සපයන ලද්දේ Save the Children ආයතනයේ අධ්‍යක්ෂ (මුදල්) ගාමිණී සමරසිංහ මහතා විසිනි. Indicos ආයතනය මේ සදහා මූල්‍ය අනුග්‍රහය සපයන ලදි.
මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු 300 ට අධික නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.
dmu_Matara