ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    කෘෂි නිෂ්පාදන ආශ්‍රිත ආයෝජන ප්‍රවර්ධන වැඩසටහනක් දඹුල්ලේදී

    නොවැම්බර් 05, 2015
     
    කෘෂි නිෂ්පාදන ආශ්‍රිත ආයෝජන ප්‍රවර්ධන වැඩසටහනක් දඹුල්ල මහවාසල හෝටලයේදී නොවැම්බර් මස 07 හා 08 දෙදින තුළදී පෙ.ව. 8.30 සිට ප.ව. 6.00 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම ආයෝජන ප්‍රවර්ධන වැඩසටහන  ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියැලෙන්නන්  සදහා පවත්වනු ලබන බව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ මාතලේ දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ ලලිත් ගුණසේකර මහතා පවසයි.
    කෘෂි ආශ්‍රිත නිෂ්පාදන වන එළවළු, පළතුරු, සහල් හා ධාන්‍ය වර්ග, අපනයන කෘෂිබෝග ආශ්‍රිත නිෂ්පාදන, මල් හා උද්‍යාන බෝග ආශ්‍රිත නිෂ්පාදන හා සාම්ප්‍රදායික දේශීය වෛද්‍ය හා ආයුර්වේද නිෂ්පාදන යන ක්ෂේත්‍රවල පවතින ව්‍යාපාරික අවස්ථා පිළිබද හදුන්වා දීම, ඒ සදහා මූල්‍ය ශක්‍යතාවන් ඇති නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම හා එම කර්මාන්ත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහය ලබාදීම මෙම වැඩසටහනේ අරමුණු අතර වේ. 
     
    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය හා එක්ව සංවිධානය කරනු ලබයි.
    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පසු අස්වනු තාක්ෂණය ආයතනය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, අපනයන සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධව මේ සදහා සිය දායකත්වය සපයන අතර ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් මුල්‍ය අනුග්‍රහය දක්වා ඇත. 
     
    මෙම වැඩසටහන සදහා සහභාගි වන එක් ව්‍යවසායකයෙකුගෙන් දින දෙක සදහා රු 1000 ක මුදලක් ලියාපදිංචි ගාස්තු වශයෙන් අය කරනු ලබයි. එම මුදල් දිස්ත්‍රික් කාර්යාලයට පැමිණ හෝ මුදල් ඇණවුමකින් ගෙවිය හැකි බව දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ ලලිත් ගුණසේකර මහතා පැවසීය.  මුදල් ඇණවුමකින් ගෙවන්නේ නම් ගෙවීම් කාර්යාලය, මාතලේ ලෙස සදහන් විය යුතු අතර චෙක්පතකින් ගෙවන්නේ නම් නියෝජ්‍ය අධ්‍යක්ෂ, කාර්මික සංවර්ධන මණ්ඩලය ලෙස සදහන් කළ යුතුය. මේ පිළිබද වැඩි විස්තර 071-8157994 දුරකථන අංකය අමතා ලබා ගත හැකිය. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති මහින්ද ජිනසේන, අධ්‍යක්ෂ ජනරාල් පී. එල්. යූ. රත්නමළල මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන සදහා අදාල ක්ෂේත්‍රයන්හි විද්වතුන් රැසකගේ සම්පත් දායකත්වය ලබා ගැනීමට නියමිතය. 
     
    AP/DMU-Matale
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya