ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    නාගරික සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්ෂකවරයෙක්

    නොවැම්බර් 05, 2015

    වෘත්තියෙන් පරිගණක මෘදුකාංග ඉංජිනේරු වරයෙකු ලෙස කටයුතු කල චන්දන රණසිංහ මහතා අද පෙරවරුවේ (05) සුභ මොහොතින් නාගරික සංවර්ධන අධිකාරියේ ක‍්‍රියාකාරි අධ්‍යක්‍ෂක ලෙස වැඩ භාර ගැනිණි.

    මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක ඉංජිනේරු උපාධිය හදාරා ඇති රණසිංහ මහතා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳව උපාධිධරයෙකි. ඒ මහතා කුරුණෑගල නාරම්මල මයුරාපාද මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

     

    චන්දන රණසිංහ මහතා වැඩභාරගැනීමේ අවස්ථාවට මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති රංජිත් ප‍්‍රනාන්දු, අධ්‍යක්‍ෂ ජනරාල් නයන මාවිල්මඩ සහ නාගරික සංවර්ධන අධිකාරියේ සේවක මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.

     

    මෙම උත්සවය ඇමතූ කි‍්‍රයාකාරී අධ්‍යක්‍ෂක චන්දන රණසිංහ මහතා පවසා සිටියේ රටේ සංවර්ධන කාර්යයට ඍජුව සම්බන්ධ වන මහානගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමඟින් එක්ව නව රජය මගින් ප‍්‍රථම වතාවට හඳුන්වා දුන් මෙම නව අමාත්‍යාංශය හරහා රටට දැයට මෙන්ම ජනතාවට ද සේවයක් කිරීමට හැකිවීම තමා ලද ජයග‍්‍රහණයක් සේ සලකන බවයි.

     

    gggaef

     

    තිරසාර සංවර්ධනයෙක් කරා රට පෙරට ගෙනයන ගමනේදී නාගරික සංවර්ධන අධිකාරිය හා අමාත්‍යවරුන් දෙපල වෙත මනා සහයෝගයක් ලබාදීමට තම ශක්ති ප‍්‍රමාණයෙන් ඇප කැපවී කටයුතු කිරීමට තම සහයෝගය ලබාදීමට හැකිවීම අගය කරන බව නව අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya