ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    අනුරාධපුර, පොළොන්නරුව හා වව්නියා දිස්ත‍්‍රික්කවල වකුගඩු රෝගය හඳුනාගැනීමේ විශේෂ වෛද්‍ය සායන

    නොවැම්බර් 07, 2015

    ජාතික විද්‍යා දිනයට සමගාමීව පැවැත්වෙන විද්‍යා සතියේ වැඩසටහන් අතර දැනට රටේ දැවෙන ප‍්‍රශ්නයක් වන වකුගඩු රෝගය කල් තියා හඳුනාගැනීමේ වෛද්‍ය සායනයක් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් සමඟ එක්ව සංවිධානකොට විශේෂයෙන් පොළොන්නරුව, අනුරාධපුර හා වව්නියා දස්ත‍්‍රික්කවල මූලික කොටගනිම්න් මෙම වෛද්‍ය සායනය පැවැත්වීටමට අපේක්ෂිතය.

    ලෝක විද්‍යා දිනය සෑම වසරකම නොවැම්බර් 10 වන දිනට යෙදී තිබේ. තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විසින් ජාතික විද්‍යා දිනයට සමගාමීව අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයන් සියල්ල එක්ව වැඩසටහන් මාලාවක් නොවැම්බර් මාසය පුරා පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබේ.

     

    අමාත්‍යාංශය විසින් විශේෂයෙන්ම විද්‍යාව හා තාක්ෂණය පාසල් දරුවන් තුළත් සාමාන්‍ය ජනතාව අතරත් ප‍්‍රචලිත කිරීම සඳහා මීට පෙර අමාත්‍යාංශය මඟින් ක‍්‍රියාත්මක කළ විදාතා ජාලය සමඟ අධ්‍යාපන අමාත්‍යාංශයත් ජාතික විද්‍යා පදනම ඇතුළු අනෙකුත් ආයතන සමඟ සම්බන්ධ වෙමින් 2016 ජනවාරි මාසයේ සිට වැඩසටහන් ගණනාවක් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවද තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා සඳහන් කළේය.

     

    මෙම රෝගයේ බරපතලම දෙය වන්නේ වකුගඩුවලට දැඩි හානියක් වනතුරුත් රෝග ලක්ෂණ පහළ නොවීමයි. ඉතාමත් සුළුවෙන් හෝ වකුගඩුවලට හානියක් සිදුවී තිබේ ද යන්න මුත‍්‍රා පරීක්ෂණයකින් එය හඳුනාගත හැකි බව ලෝකයේ රටවල් ගණනාවක් විසින් සිදුකරන ලද පර්යේෂණයන්ගෙන් හැකිව තිබේ.

     

    මෙම පරීක්ෂණය විද්‍යා දිනයට සහ විද්‍යා සතියට සමගාමීව ඉහත දිස්ත‍්‍රික්ක වලින් තෝරා ගන්නා ලද දහසක් පමණ වකුගඩු රෝගීන් හෝ රෝගීන් නොවන පිරිසකගේ මූත‍්‍රා සාම්පල පරීක්ෂණ සිදු කොට වකුගඩු රෝග කාරකයන්ට ලක්වීද යන්න මෙම වෛද්‍ය සායනය මගින් සොයාබැලීමට කටයුතු යොදා තිබේ.

     

    සතියක පමණ කාලයක් පුරා මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කෙරෙන අතර මෙය ලංකාවේ වකුගඩු රෝගය හඳුනාගැනීම සඳහා කරනු ලබන වැඩිම සාම්පල් ප‍්‍රමාණයක් පර්යේෂණයට ලක්කරන ප‍්‍රථම වෛද්‍ය සායනය වනු ඇත. එමෙන්ම බැරලෝහ ශරීරගතවී තිබෙද යන්නත් මෙම පරීක්ෂණයේදී තොරතුරු අනාවරය කරගැනිමට අපේක්ෂිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya