ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    සෞදි අරාබියේ දමාම් හි කොන්සල් ජනරාල් කාර්යාලයක් පිහිටුවීමට උපදෙස්

    නොවැම්බර් 06, 2015

    සෞදි අරාබියේ දමාම් ප‍්‍රදේශයේ නව කොන්සල් ජනරාල් කාර්යාලයක් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය විසින් සෞදි අරාබියේ නව ශ‍්‍රී ලංකා තානාපති Azmi Thassmi මහතාට උපදෙස් දෙන ලදී.

    සෞදි අරාබියේ නව තානාපතිවරයා ලෙස පිටත්වීමට පෙර  ඊයේ (05) විදේශ රැකියා අමාත්‍යංශයේදී  Azmi Thassmi මහතා හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරිය මෙම උපදෙස් ලබා දුන්නාය.

     

    අමාත්‍යතුමිය මෙහිදී සඳහන් කළේ, සෞදි අරාබියේ මේ වන විට රියාද් හා ජෙඩා යන ප‍්‍රදේශවල කොන්සල් ජනරාල් කාර්යාල පැවතුනත්, දමාම් ප‍්‍රදේශයේත් විශාල ශ‍්‍රී ලාංකික පිරිසක් රැකියා කරන නිසා එම ප‍්‍රදේශයටත් කොන්සල් ජනරාල් කාර්යාලයක අවශ්‍යතාව පවතින බැවින් සෞදි රජය සමඟ සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

     

    මීට අමතරව තානාපති කාර්යාලවල සේවය කරන විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන් හා විදේශ රැකියා අමාත්‍යංශයට අදාළ නිලධාරීන්ගේ සහයෝගයෙන් හා උපරිම කැපවීමෙන් වැඩකටයුතු කළයුතු බවත්, මෙහිදී ඇය සඳහන් කළාය. මීට අමතරව එරට සුරක්‍ෂා නිවාසවල සිටින ශ‍්‍රී ලාංකිකයින් පිළිබඳව තානාපති කාර්යාලවල සිටින නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ද උපදෙස් දුන්නාය.

     

    මෙහිදී නව තානාපතිතුමා සඳහන් කළේ, ලාංකිකයින් ලෙස එරට සිටින ශ‍්‍රමිකයින් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් හා එහි ආරක්‍ෂාව පිළිබඳව කටයුතු කිරීමට තමන් ඉදිරියේදී නව වැඩසටහන් ගණනාවක් කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තුවන බවයි.

     

    මෙම අවස්ථාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති රාජ්පාල් ඔබේසේකර, අතිරේක සාමාන්‍යාධිකාරී ඩබ්. එන්. වන්සේකර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විදේශ සබඳතා) ජගත් බටුගෙදර යන මහත්වරුන් ද එක්වූහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya