ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ධීවර කර්මාන්තය ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරයක්

    නොවැම්බර් 06, 2015

    ශ්‍රී ලංකාව වටා ඇති මුහුදු තීරයේ ධීවර කර්මාන්තය ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවට නැවුම් අත්දැකීමක් වන ධීවර කර්මාන්තය ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය ආරම්භ කිරීම පිළිබඳව ලෝක සංචාරක ව්‍යාපාරයේ දැවැන්තයින් ලෙස නම් දරා සිටින චීන ජාතික විශේෂ නියෝජිත කණ්ඩායමක් හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා අතර පසුගියදා ධීවර අමාත්‍යංශයේදී සිදු කෙරුණු සාකච්ඡාවක් මත රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

     

    එහිදී ධීවර කර්මාන්තය ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරය පිළිබඳව අමාත්‍යතුමා හා චීන නියෝජිතයින් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගත්හ.

     

    ලෝකයේ සුන්දර වෙරළ තිරයක් හිමි ශ්‍රී ලංකාවට විශාල සංචාරක ආකර්ශණයක් දිනා ගැනීම සඳහා මෙම ධීවර කර්මාන්තය ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය මහත් පිටි වහලක් වනු ඇති බව ලෝක සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ මෙම චීන නියෙජිතයින්ගේ අදහස වූහ.

     

    ලෝක ජනගහනයෙන් බිලියනයක් පමණ ජනතාව වාර්ෂිකව විදෙස් සංචාරවල නිරත වෙති. ඔවුන් බහුතරයක් දැඩි කැමැත්තක් දක්වන්නේ අත්දැකීම් සහිත සංචාරයන් සඳහාය.

     

     එබැවින් ධීවර කර්මාන්තය ආශ්‍රිත සංචාරක ව්‍යාපාරයක් සමඟ විදෙස් සංචාරකයින් සැලකිය යුතු පිරිසක් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමට හැකිවනු ඇති බවත් එමඟින් සිදුවන සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයත් සමඟ විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට හැකිවන බවත් පෙන්වා දුන් දිලිප් වෙදආරච්චි අමාත්‍යවරයා සඳහන් කළේ එමඟින් සෘජු හා වක්‍ර රැකියා දහස් ගණනක් උත්පාදනය වන බවය.

     

    මෙමඟින් විරැකියාවට යම් පිළියමක් ලැබෙනවා සේම උපයන විදේශ විනිමයෙන් ජාතික ආර්ථිකයට  විශාල ශක්තියක් වීමට හැකියාව උදා වන බව අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කළේය.

     

    මෙහිදී චීන නියෝජිත කණ්ඩායම පෙන්වා දුන්නේ දින කිහිපයක් හෝ මුහුදේ ගතකරමින් ධීවර කර්මාන්තය පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමට විදෙස් සංචාරකයන්ට අවස්ථාව උදා වන බවය.

     

    මෙම සංචාරක ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම හා ප්‍රවර්ධනය කිරීමට පුර්ණ සහය ලබාදීමටද ලෝක සංචාරක ව්‍යාපාරයේ දැවැන්තයින් වන මෙම චීන නියෝජිත කණ්ඩායම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාට කැමැත්ත පළ කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya