ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ළමා ආරක්ෂාව පිළිබඳ අනුරාධපුර සෞඛ්‍ය වෘත්තිකයින් දැනුවත් කෙරේ.

    නොවැම්බර් 09, 2015
     
    ළමා ආරක්ෂාව පිළිබඳ සෞඛ්‍ය වෘත්තිකයින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අතිරේක දිසාපති සමන් බන්දුලසේන මහතාගේ 
    ප්‍රධානත්වයෙන් අනුරාධපුර  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගිය දා පැවැත්විණි.
    ළමයින් සම්බන්ධයෙන් ක්‍රියාකළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව ප්‍රධාන වශයෙන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 
    හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්  මෙහිදි දැනුවත් කෙරිණි.
    වැඩමුළුව ඇමතූ  පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා පැවසුවේ, ළමයින් සම්බන්ධයෙන් ක්‍රියා 
    කිරීමේ දී පෝෂණය, තේජස, දැනුම හා ආකල්ප යන ක්ෂේත්‍ර හතර පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි. 
     
    විශේෂයෙන්ම ළමා අනාගතය සුරක්ෂිත කිරීමේ දී පෝෂණය ඉතා වැදගත් අංශයක් බවද ළමයාගේ මානසික සෞඛ්‍ය යහපත් වන අන්දමින් ආකල්ප පවත්වා ගත යුතු යැයි ද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වරයා  අවධාරණය කළේය. 
     
    ළමයින් සම්බන්ධව ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව මනෝ වෛද්‍ය අනුරාධ ඇල්ලේපොළ මහතා ද, අධිකරණ විශේෂඥ වෛද්‍ය එච්.එම්.කේ.එන්. සේනානායක මහතා ද දේශන පැවැත්වීය.
     
    AP/DMU-Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya