ජනවාරි 21, 2025
tami eng youtube  twitter facebook

    උතුරේ රෝහල් සංවර්ධන කටයුතු මේ වසරේදීම අවසන් කිරීමට උපදෙස්

    නොවැම්බර් 09, 2015

    2015 වර්ෂයේ උතුරු පළාතේ ප‍්‍රාදේශීය රෝහල් ආශ‍්‍රීතව ආරම්භ කරන ලද සියළු සංවර්ධන ව්‍යාපෘති දෙසැම්බර් මස අවසාන වීමට ප‍්‍රථම වැඩ අවසන් කරන ලෙසත්, එසේ නොකරන කොන්ත‍්‍රාත් සමාගම් අසාදු ලේඛණ ගත කිරිමටත් පියවර ගන්නා බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතා පවසයි.

    උතුරු පළාතේ ප‍්‍රාදේශීය රෝහල් ආශ‍්‍රීතව සිදු කරන සංවර්ධන ව්‍යාපෘති කඩිනමි කිරීමේ අරමුණින් උතුරු පළාතේ ප‍්‍රාදේශීය රෝහල් සංවර්ධන ප‍්‍රගති සමාලෝචන රැස්වීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා කිලිනොචිචි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී පැවැත්විණි.  

     

    මෙහිදී උතුරු පළාතේ යාපනය, වවුනියා, කිලිනොචිචි, මුලතිවි, මන්නාරම් යන දිස්ත‍්‍රික්ක 05 තුළ දැනට සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡාවට ලක් විය.

     

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා උතුරු පළාත් ප‍්‍රාදේශීය රෝහල් ආශ‍්‍රීතව සිදුකරන සංවර්ධන ව්‍යාපෘති සිදුකරන අදාල කොන්ත‍්‍රාත් සාමාගම් නියෝජිතයින් වෙත මෙහිදී කියා සිටියේ 2015 වර්ෂයේ මධ්‍යම රජයේ මුදල් ප‍්‍රතිපාදන යටතේ ආරම්භ කොට ඇති සියළු සංවර්ධන ව්‍යාපෘතිවල වැඩ අවසන් කර දෙසැම්බර් මස අවසන් වීමට ප‍්‍රථම බාරදෙන ලෙසත්, එසේ නියමිත දිනට වැඩ අවසන් නොකරන කොන්ත‍්‍රාත් සමාගම් අසාදු ලේඛණ ගත කිරීම සඳහා කටයුතු කරන බවත් ය.

     

    මේ වනවිට සංවර්ධන වැඩ නිමකොට ඇති කයිටිස්, පරන්තන්, කොඩිකාමන්, වවුනියා, කිලිනොචිචි, මන්නාරම, සමපත් නුවර, මල්ලාවි, පුදුකුඩුඉරුප්පු හා වැලිඔය රෝහල් සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ කොන්ත‍්‍රාත් සමාගම් වෙත ලබාදිය යුතු මුදල් ඉතා ඉක්මනින් ලබාදෙන ලෙසත් මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාල නිලධාරීන් වෙත උපදෙස් ලබාදෙන ලදි.

     

    නව අධ්‍යක්ෂතුමියක් යටතේ පාලනය වන කිලිනොචිචිය මහ රෝහල ඇතුළු මල්ලාවි, මාන්කුලම් ඇතුළු ප‍්‍රාදේශීය රෝහල් කිහිපයක් නිරීක්ෂණය කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කිලිනොචිචිය මහ රෝහල සඳහා හෙදියන් 20 ක් ලබාදීමටත්, එහි ඉදිවෙමින් පවතින මානසික ඒකකය හා මුළුතැන් ගෙන නිරීක්ෂණය කළේය.

     

    එම අවස්ථාවේ දී එහි රෝගීන් සඳහා සකසා තිබූ දිවා ආහාර වේල පරීක්ෂා කිරීමෙන් අනතුරුව රෝහල වෙත පැමිණෙන රෝගීන්ට ප‍්‍රතිකාර ලබා දෙනවා මෙන්ම, නේවාසික රෝගීන් සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාදීම අපගේ යුතුකම හා වගකීම වන බවත්, ඒ සඳහා රජය අවශ්‍ය ප‍්‍රතිපාදන වෙන්කොට ඇති බැවින් ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරන ලෙසත් රෝහල් අධක්ෂතුමිය වෙත උපදෙස් ලබාදෙන ලදී.

     

    එමෙන්ම ප‍්‍රාදේශීය රෝහල් වල සංවර්ධන කටයුතු සඳහා 2016 අයවැය ලේඛණය මගින් මුදල් ලබාදීමටත් පියවර ගන්නා බව ද වැඩිදුරටත් කියා සිටියේය.

     

    මෙම අවස්ථාවට උතුරු පළාත් ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජෙයරාසා මහතා, කිළිනොචිචිය මහ රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිෂාදි රණසිංහ මහත්මිය, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එස්.ආර්.ජූඩි මහතා, උතුරු පළාත් ඉදිකිරීම් ඉංජිනේරු මොහාන් දේවන් මහතා, ඇතුළු සියළු කොන්ත‍්‍රාත් සමාගම් නියෝජනය කරමින් නියෝජිතයින් සහභාගි වී සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya