ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ලක් දෙරණේ ශී‍්‍ර විභූතිය වෙනුවෙන් සෝභිත හිමිපාණන් කල මෙහෙවර සදා වන්දනීයයි

    නොවැම්බර් 09, 2015

    ලක් දෙරණේ ශී‍්‍ර විභූතිය වෙනුවෙන් සෝභිත මා හිමිපාණන් වහන්සේ කල මෙහෙවර සදා වන්දනීය බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික මහතා පූජ්‍ය මාදුලූවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේ අපවත් වීම සම්බන්ධයෙන් ශෝකය පළ කරයි.

     

    අමාත්‍යවරයාගේ ශෝක පණිවිඩය -

    “කෝට්ටේ ශී‍්‍ර නාග විහාරාධිපති, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුලූවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේ මා හඳුනා ගන්නේ මාගේ විශ්ව විද්‍යාල අවධියේ දීය. ඒ 80 දශකයේ මැද භාගයේදී ය. එවකට විශ්ව විද්‍යාල සිසුන් අත්අඩංගුවට ගැනීම් හා අතුරුදහන් කරවීම්වලට එරෙහිව සිසුන් ගෙනගිය අරගලයේදී  උන්වහන්සේ ඒ සඳහා සාධනීයව මැදිහත් වූහ. උන්වහන්සේගේ අනුශාසනා එවකට සිසුන්ට මහා ජවයක් හා පිටිවහලක් වූහ.

     

    1986 දී අත්තනෝමතික ලෙස මෙරටට පළාත් සභා ක‍්‍රමය හඳුන්වාදීමේදී එය ව්‍යර්ථ කිරීමට උන්වහන්සේ දැරූ උත්සාහය අති සුවිශේෂීය. ජේ.ආර්. සහ රජිව් එක්ක ඉන්දු ලංකා ගිවිසුම ඔස්සේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කාර්යයන් සිදු කිරීමේදී හා සැලසුම් කිරීමේදී ඊට එරෙහිව මව්බිම සුරැකීමේ ව්‍යාපාරයට නිවැරදි මාර්ගෝපදේශකත්වයක් සපයා දෙන්නට උන් වහන්සේ කැපවිණි.

     

    1987 මැයි පළමුවෙනිදා සිසු අරගලය මර්දනය කිරීමට අභයාරාමයටත් ඒ ආශි‍්‍රතවත් පොලීසිය විසින් වෙඩි ප‍්‍රහාර එල්ල කරද්දී සිසුන්ගේ ආරක්‍ෂකයා වන්නටත්, පෙරමුණ ගන්නටත් පොලීසිය තබන වෙඩි හමුවේ නොසැලී ඉදිරියට වඩින්නටත් උන් වහන්සේ එඩිතර වූහ. ධෛර්යය සම්පන්න වූහ. එදා අතීතයේ සිටම සෝභිත මාහිමිපාණන් වහන්සේ අපවත්වන මොහොත දක්වාම මිනිස් නිදහස වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටුකළ අද කාලයේ සංඝ පීතෘන් වහන්සේ නමකි.

     

    1985 වසරේ ජාතික සංඝ සභාව පිහිටුවමින් රට පෙඩරල් රටක් කිරීමට එරෙහිව දියත් කළ ජාතික සටනේ පෙරමුණ ගත් අභීත නායක හිමිනමක් ලෙස උන් වහන්සේ හඳුන්වාද දිය හැකිය.

     

    එල්.ටී.ටී.ඊ ය විසින් දළඳා මාලිගයට එල්ල කළ ප‍්‍රහාරයෙන් පසු එල්.ටී.ටී.ඊ.ය මර්ධනය කිරීම සඳහා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් මැදිහත්වීමද උන් වහන්සේ සිදු කළේ නිදහස් නිවහල් දේශයක් මේ රටේ මිනිසුන්ට ඇති කිරීමේ පරම වූ චේතනාවෙනි.

     

    ත‍්‍රස්තවාදය අවසන් වීමෙන් පසුවත් උන් වහන්සේ සිය ජාතික මෙහෙවර අඛණ්ඩව ඉටු කළේ දේශපාලනික සහ සමාජීයීය වෙනස්කම් සිදු කිරීම වෙනුවෙන් නිවැරදි දිශානතිය පෙන්වා දෙමින්ය. සියළු යුග වලදී අවිහිංසාවාදය මුල් කරගෙන කටයුතු කළ උන් වහන්සේ දේශපාලන අරගලවලදී භික්ෂුවගේ වීවරයේ ගෞරවය රැක ගන්නටත් වීවරයට කාලීන වැදගත්කමක් හිමිකර දීමටත් උන් වහන්සේට හැකිවිය.

     

    තමන් වහන්සේට හිමි වී තිබූ ශාසනික සහ සමාජීයීය ගෞරවය සහ පිළිගැනීම කිසිඳු දේශපාලන පක්ෂයක් නිසා හෝ කිසිදු දේශපාලනඥයෙක් නිසා බිඳ ගැනීමට හෝ හෑල්ලූවට ලක්කර ගැනීමට නොදී පොදු මහජනතාවගේ පැත්තේ සිටගෙන හැමවිටම කටයුතු කිරීමට උන් වහන්සේ සමත් වූ සේක.

     

    2014 වර්ෂයේ ඇති වූ රටේ දේශපාලනික ආන්දෝලනාත්මක අවස්තාවේ සිට, 2015 ජනවාරි 8 වනදා සිදු වූ යහපාලන වෙනස දක්වා පරිවර්තනීය වෙනසක් සිදු කරන්නටල සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය හරහා  උන්වහන්සේ ලබා දුන් විශිෂ්ඨ නායකත්වය, මගපෙන්වූ හා ලබාදුන් ධෛර්යය අපට කිසිදා අමතක කළ නොහැකිය. සමාජයේ යහපලනය උදෙසා උන්වහන්සේගේ හඬ අනුශාසනා සහ මගපෙන්වීම සමස්ථ රටටම අත්‍යවශ්‍ය මොහොතක උන් වහන්සේගේ අපවත්වීම සෑම පුරවැසියෙකුටම සංවේගය ගෙන දීමට හේතුපාදක වන කාරණයක් විය.

     

    ගෞරවාර්හ මාදුලූවාවේ සෝභිත ස්වාමිපාදයාණන් වහන්සේ වැනි එඩිතර භික්ෂූන් වහන්සේලා දහස් ගණනක් මේ රටේ අනාගතයට අත්‍යවශ්‍ය වේ. උන්වහන්සේ පැතූ දේශය, උන්වහන්සේ පැතූ දේශපාලනික, ආගමික සංහිඳියාව මේ රටතුළ ඇති කරන්නට දේශපාලනඥයන් වන අපිත් උන්වහන්සේ නායකත්වය සහ මගපෙන්වූ සිවිල් සංවිධානවල සාමාජික සමාජිකාවන් මෙන්ම සමස්ත රටවැසි සැමගේ වගකීම හා යුතුකම බව සැවොම සිහි තබාගෙන කටයුතු කරමු යැයි ඉල්ලා සිටිමු.

     

    පැවිදි දිවියේ හැට දෙවසරක් තිස්සේ රට දැය සමය වෙනුවෙන් විශ්ෂ්ඨ වූ දායාදයන් රැසක් පුදකල අපේ සෝභිත නායක ස්වාමීන්දායන් වහන්සේට උතුම් වූ අජරාමර නිර්වාණ සම්පත්තිය සාක්ශාත් වේවායි ප‍්‍රාර්ථනා කරමි ! “

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya