ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    කුඹුරු ගොඩ කිරීමේදී ප්‍රාදේශිය ලේකම්ට වැඩි වගකීමක් තිබෙනවා -මහනුවර දිස්ත්‍රික් ලේකම්

    නොවැම්බර් 22, 2015
    කුඹුරු ගොඩ කිරීමට අවසර දීමට පෙර සෑම ප්‍රාදේශීය ලේකම්වරයෙක්ම ස්ථාන පරීක්ෂාවක් සිදු කොට ඊට අවශ්‍ය අනුමැතිය දීම වඩාත් සුදුසු බව මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතා පවසයි.
     
    දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් පළ කළේ පසුගියදා මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී මහනුවර දිස්ත්‍රික්කයේ කුඹුරු ගොඩ කිරීම සම්බන්ධයෙන් රැස්වීමට ඉදිරිපත්ව තිබූ ඉල්ලීම් පිළිබද කෙරුණු සාකච්ඡාවේදීය.
     
    එහිදී තව දුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දුන්නේ ඇතැම් පුද්ගලයන් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කොට කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර ඉල්ලා සිටින බවත් එසේ කිරීමෙන් කෘෂිකර්මාන්තය දියුණු කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙලට හානි සිදුවිය හැකි බවත්ය. එබැවින් කුඹුරු ගොඩ කිරීමට අවසර ඉල්ලා දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට ඉල්ලීම් ඉදිරිපත් කිරීමේදී අදාල බල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා ඒ පිළිබද හොද අවබෝධයකින් සිටිය යුතු බවද දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දෙන ලදී, 
     
    ප්‍රාදේශීය ලේකම්වරුන්ට අමතරව කුඹුරු ඉඩම් ගොඩ කිරීමට නිර්දේශ ලබා දෙන සෙසු නිලධාරීන්ටද මේ පිළිබද වැඩි වගකීමක් පවතින බව පෙන්වා දුන් දිස්ත්‍රික් ලේකම්වරයා අදාල කුඹුර ගොඩ කිරීම නිසා අවට කුඹුරු වලට හානියක් සිදුවනවාදැයි යන්න මෙහිදී වැඩි අවධානයක් යොමු කළ යුතු බවද පැවසීය. මීට අමතරව ජලපෝෂක වලට සිදු වන හානිය, ඇල, වේලී වලට සිදුවන හානිය මෙන්ම පොදුවේ පරිසරයට සිදුවන හානිය ගැනද මෙහිදී ගැඹුරින් සොයා බැලිය යුතු බවද ඔහු පෙන්වා දෙන ලදී.
     
    කුඹුරු ගොඩ කිරීමේදී දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදය අනුව කුඹුරක් ගොඩ කිරීමට පෙර ඒ සදහා නිර්දේශ හතරක් ලබා ගත යුතුය. ඒ අනුව මුලින්ම කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර, සහ ගොවි සංවර්ධන නිලධාරී යන දෙදෙනාගේ නිර්දේශ ලබා ගත යුතුය. අනතුරුව අදාල කුඹුර පිහිටි ප්‍රදේශයේ ගොවි සංවිධානයේ සහ සුපරීක්ෂණ කමිටුවේ නිර්දේශයද ලබා ගත යුතුය. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්ගේ නිර්දේශය ලබා ගැනීමෙන් පසු ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව වෙත ඉදිරිපත් කොට එහි අනුමැතිය ලබා ගත යුතුය. දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ අනුමැතිය ලැබෙන්නේ ඉන් අනතුරුවය.
     
    AP/DMU-Kandy
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya