ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ටෙලි නාට්‍යවල ගුණාත්මකභාවය හා ප්‍රමිතීන් යළි ඇති කිරීමට වැඩපිළිවෙළක් - ජනමාධ්‍ය ඇමති

    නොවැම්බර් 20, 2015

    ටෙලි නාට්‍යවල ගුණාත්මකභාවය හා ප්‍රමිතීන් යළි ඇති කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන බවත් ටෙලි නාට්‍යයක සැබෑ රසවින්දනය ප්‍රේක්ෂකයාට අහිමි වන ලෙස ටෙලි නාට්‍යය විකාශනය අතරතුර අනවශ්‍ය ලෙස ප්‍රමාණය ඉක්මවා වෙළඳ දැන්වීම් සඳහා කාලය වෙන් කරන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා මේ බව පැසූවේ, අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ 2015 වර්ෂයේ අභ්‍යාසලාභී සිසුන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයකට සහභාගී වූ අවස්ථාවේදීය.

     

    වර්තමානයේ දී ශ්‍රී ලංකාව තුළ  පුළුල් මාධ්‍ය නිදහසක් පවතින බවත් පෙර අවධිවල මෙන් නව රජය ජනමාධ්‍ය සඳහා තහංචි දෑමිමට කටයුතු නොකරන බවත් නමුත් විශේෂයෙන් ටෙලිනාට්‍යවල සැබෑ රසඥතාවය වැඩි වශයෙන් ප්‍රේක්ෂකයාට ලැබීමට සලස්සවන වැඩපිළිවෙලක් සකස් කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

     

    රටක සිව් වන බලවේගය වන ජනමාධ්‍ය තුළ මාධ්‍යවේදීන් ලෙස කටයුතු කිරීමේදී සත්‍යම පමණක් වාර්තා කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදි පෙන්වා දුන්නේ ය.

     

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් වජිර නාරම්පනාව, ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ සභාපති  ධර්මසේන පතිරාජ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් දර්ශනී ගුණතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya