ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    නිසි ඵල නොනෙළන, මහවැලි ගොවිපළ යළි ගොඩ නගා අස්වනු සරු කරනවා - ඇමති දයා ගමගේ

    දෙසැම්බර් 02, 2015

    දැනට නිසි ලෙස ක්‍රියාත්මක නොවන දෙහිඅත්තකණ්ඩිය මහවැලි ගොවිපළ (ගෝර්ඩා ෆාම්) උපරිම ඵලදායී ආයතනයක් බවට ගොඩනැගීමට පියවර ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මැතිතුමා පැවසීය.

    විශාල වටිනාකමකින් යුතු ඉඩම් සහ ගොඩනැගිලි ඇතුළු දේපල විනාශ මුඛයට ලක්ව ඇති ආකාරය, එහි හදිසි චාරිකාවක නිරත වූ අමාත්‍යතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

     

    එක්සත් ජාතික පක්ෂ රජය යටතේ දිවංගත ගාමිණී දිසානායක මහතාගේ සංකල්පයක් අනුව එතුමාගේ මූලිකත්වයෙන් ආරම්භ වුණු මෙම ගොවිපළ පසුගිය වසර කිහිපයක දී ම නිසි ලෙස නඩත්තු කර නැති බව ද ගොඩනැගිලි හා යන්ත්‍රෝපකරණ ගරා වැටීමට හා දිරාපත්භාවයට ලක් වෙමින් තිබෙන බව ද ප්‍රයෝජනයට ගත හැකි වාහන ද සුළු අළුත්වැඩියාවන් නොකිරීම නිසා අභාවයට යමින් තිබෙන බව ද අමාත්‍යතුමාගේ අවධානයට යොමු විය.

     

    අස්වැද්දිය හැකි හෙක්ටයාර දෙසියයකට වඩා වැඩි විශාල ගොඩ හා මඩ ඉඩම් ප්‍රමාණයක් දීර්ඝ කාලයක් තිස්සේ නිසි ලෙස වගා කටයුතු සිදු නොකිරීම හේතුවෙන් වල් වැදී ඇති ආකාරය ද මෙහිදී නිරීක්ෂණය විය. වී හා බඩඉරිඟු වගා කළ හැකි නමුත් එසේ භාවිතයට නොගන්නා ඉඩ ප්‍රමාණය පිළිබඳ සැලකීමේ දී දැඩි සංවේගයක් ඇති වන බව අමාත්‍යතුමා මෙහිදී කියා සිටියේය.

     

    මෙම ගොවිපළ ප්‍රතිසංස්කරණය කිරීම තුළින් ගව හා කුකුළු ඇතුළු සත්ත්ව පාලනය, වී හා බඩඉරිඟු ඇතුළු බෝග ආහාර වගාවන් ද කුළුබඩු ඇතුළු අපනයන කෘෂි බෝග වගාවන් ද පුළුල් කිරීමට හැකි වේ. එසේම, ඒ හරහා විශාල ඍජු හා වක්‍ර නව රැකියා ප්‍රමාණයක් ද උත්පාදනය කළ හැකි වනු ඇත.

     

    මෙහි වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ අවධානයට යොමු කරන බව දයා ගමගේ අමාත්‍යතුමා පැවසීය.

     

    මෙම නිරීක්ෂණ චාරිකාවට නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය ද සහභාගී විය.

     

    qww

     

    qwww

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya