ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    පොහොර සහනාධාරය කපන්නේ නැහැ - නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය

    දෙසැම්බර් 02, 2015

    මෙතෙක් ලබා දුන් රුපියල් 500 පොහොර සහනාධාරය යහපාලන රජය විසින් මොනයම් හෝ කප්පාදුවකට ලක් නොකරන බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    කිරිඳිඔය ගොවි ජනපද ව්‍යාපාරයේ නේවාසික කළමනාකරණ කාර්යාලය, ශ්‍රවණාගාරය හා ගොවි සංවිධාන කර්යාල සංකීර්ණය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම වෙනුවෙන් වීරවිල පැවති උත්සවය අමතා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා මේ බව පැවසීය.

     

    මෙම ඉදිකිරීම් සඳහා මුළු ඇස්තමේන්තු ගත මුදල රුපියල් 350ක් වන අතර මේ වන විට ඉන් රුපියල් 200ක මුදලක් ලබා ගෙන ඇති බවත් එහි ඉතිරි මුදල ද ලබන වසරේ දී වාරිමාර්ග අමාත්‍යාංශයෙන් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා එහිදී අනාවරණය කළේය.

     

    ගොවි සංවිධාන 63කට අයත් 18,000ක් වන ගොවි ජනතාව පෝෂණය වන කිරිඳිඔය ව්‍යාපාරයේ මේ අනගිභවනීය වාරි පද්ධතිය ඒ ගොවි ජනතාවගේම අදහස්-උදහස්, යෝජනා හා අධීක්ෂණය යටතේ රුපියල් ලක්ෂ 18,000ක ඇස්තමේන්තුගත මුදලක් වැය කරමින් පුනරුත්ථාපනය කෙරෙන අංග සම්පූර්ණ, ඒකාබද්ධ හා දැවැන්ත වාරි පුනරුත්ථාපන වැඩසටහන අප නුදුරු අනාගතයේදීම ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා පැවසීය.

     

    ගොවි ජනතාවට පොහොර සහනාධාරය ඒ ආකාරයෙන්ම ලබා දෙමින් ඒ මුදලට උසස් ප්‍රමිතියේ පොහොර ලබා දීමේ ක්‍රමවේදයක් ඇති කරන බවත් එම සහනාධාරය ලබා දෙමින් වස විස අඩංගු නොවන හොඳ ප්‍රමිතියෙන් යුතු පොහාර වර්ග තෝරා ගැනීමේ අවස්ථාව ගොවි ජනතාව වෙත උදා කර දෙන බවත් අමාත්‍යවරයා කියාසිටියේය. එසේම උසස් ප්‍රමිතියේ රසායන පොහොර භාවිතා කරනවාද, නොඑසේ නම් කාබනික පොහොර වෙත යොමු වෙනවාද කියා තීරණය කිරීම ගොවි ජනතාව සතු බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

     

    මීළඟ වී අස්වැන්න නෙළන කාලය වනවිට ගොවි ජනතාවට වාසිදායක වන නව වී මිළදී ගැනීමේ සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද තවදුරටත් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියේය.

     

    c61bbd14 993b 48fb bf84 bd013a10badc

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya