ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    මහනුවර දිස්ත්‍රික්කයේ පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන සංවර්ධනයට වැඩසටහනක්

    දෙසැම්බර් 18, 2015
     
    මහනුවර දිස්ත්‍රික්කයේ පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන පාලිකාවන්ගෙන් 70% ක් පමණ පෙර පාසල් පාලක තනතුර සදහා අවශ්‍ය වන මූලික සුදුසුකම් සපුරා නොමැති බව මධ්‍යම පළාත් ප්‍රධාන සහ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් පී.බී. විජේරත්න මහතා පවසයි. 
    මධ්‍යම පළාත ආවරණය කරමින් පැවති සමික්ෂණයකදී මෙම කරුණු අනාවරණය කරගත හැකි වූ බව පෙන්වාදුන් ලේකම්වරයා ඉදිරියේදී ළමා සංවර්ධන කමිටු හරහා මෙම තත්වය වෙනස් කිරීමට බලාපොරොත්තු වන බවද පෙන්වා දෙන ලදී. 
     
    ලේකම්වරයා මෙම අදහස් පළ‍ කළේ පසුගියදා  මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටු රැස්වීමේදීය.
     
    සමීක්ෂණයේ තොරතුරු පෙන්වා දෙමින් තව දුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා පැවසුවේ දිස්ත්‍රික්කයේ පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන පාලිකාවන් 4,000 ක් පමණ සිටින බවත්, ඔවුන්ගෙන් 60 % ක් පමණම මූලික ජ්‍යාමිතික හැඩතල පිළිබද නිසි අවබෝධයක්ද නොමැති බවයි. එබැවින් වත්මන් රජයේ සහ පළාත් සභාවේ මැදිහත්වීමෙන් මෙම පෙර පාසල් සහ දිවා සුරැකුම් පාලිකාවන් නිසි පරිදි පුහුණු කොට ඔවුන්ගේ වෘත්තීයමය තත්වය ඉහළ දැමිය යුතු බවද පෙන්වා දෙන ලදී.
     
    මෙහි එක් පියවරක් ලෙස පසුගියදා මධ්‍යම පළාත් සභාව මගින් පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආවරණය වන පරිදි ප්‍රඥප්තියක් සකස් කළ බව පෙන්වාදුන් ලේකම්වරයා ඒ යටතේ ඉදිරියේදී පළාත් සභාවේ මුලිකත්වයෙන් මුල් ළමා විය සම්බන්ධ අධිකාරියක් පිහිටුවීමට කටයුතු යොදන බවත් පෙන්වා දෙන ලදී. ඊ‍ට අමතරව පෙර පාසල් අධික්ෂණය කොට පවත්වාගෙන යෑම සදහා පරිපාලන ක්‍රමවේදයක් සකස් කිරීමටද කටයුතු සංවිධානය කරන බව විජේරත්න මහතා පැවසීය.
     
    මෙහිදී  අදහස් දැක්වූ මහනුවර දිස්ත්‍රික‍් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතා ළමුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන මගින් එම කාර්යයභාරය නිසි පරිදි ක්‍රියාවට නැංවෙනවාදැයි යන්නද අධීක්ෂණය කළ යුතු බව පැවසූ අතර, දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටුව හරහා ඒවා අධීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවද පෙන්වා දෙන ලදී. එමෙන්ම පෙර පාසල්වල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල පවතින පහසුකම් සොයා බැලීම සදහාද එලඹෙන වසරේ සිට විධිමත් වැඩපිළිවෙලක් දියත් කරන බවද දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දෙන ලදී. 
     
    AP/DMU-Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya