ජාතික සංවාද පිළිබඳ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් හා බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා බදුල්ල විදාතා සම්පත් මධ්‍යස්ථානයේ දායකත්වයෙන් මෙම පුහුණු පාඨමාලාව පැවැත්විණි.
ඇදුම් නිර්මාණ, කේක් සැරසිලි, අත්කම් නිර්මාණ, රසකැවිලි නිෂ්පාදන ඇතුළු නිමැවුම් රැසකින් මෙම ප්‍රදර්ශනය සමන්විත වන අතර ප්‍රදර්ශනය හා අලෙවි පොළ අවසානයේ පුහුණුලාභීන් සඳහා සහතිකපත් බෙදාදීම සහ තෝරාගත් නිර්මාණ සඳහා ත්‍යාග ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරිණි.
මෙම අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි, බදුල්ල ප්‍රාදේශීය ලේකම් ප්‍රභාත් අබේවර්ධන, බදුල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
AP/DMU-Badulla



















