ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    බදුල්ලේ ආබාධිත පවුල්වල ආදායම් වර්ධනයට ස්ට්‍රෝබෙරි වගාව හදුන්වා දෙයි

    දෙසැම්බර් 20, 2015
    බදුල්ල දිස්ත‍්‍රික්කයේ ආබාධ සහිත තැනැත්තන්ගේ පවුල් සදහා ආදායම් උත්පාදන වැඩසටහනක් ලෙස ස්ට්‍රෝබෙරි වගාව හඳුන්වා දීමට සමාජ සේවා දෙපාර්තමේන්තුවේ බදුල්ල දිස්ත‍්‍රික් කාර්යාලය පියවර ගෙන ඇත. 
    බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතාගේ උපදෙස් මත දිස්ත‍්‍රික් සමාජ සේවා නිළධාරී එස්. රවීන්ද්‍ර මහතාගේ මෙහෙයවීමෙන් නුවරඑළිය මාගස්තොට ඇග්මා ඇග්‍රෝ ආයතනය මඟින් සිදුකෙරෙන සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස මෙම වැඩ සටහන ක‍්‍රියාත්මක කෙරේ.
     
    මේ යටතේ මේ වන විට බදුල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10 ක තෝරාගත් පවුල් 120 ක් සදහා ස්ට්‍රෝබෙරි වගාව සම්බන්ධ මූලික පුහුණුව ලබාදී ඇති අතර පවුල් 60 ක් සදහා දෙවන වටයේ පුහුණුවද ලබාදී ඇත.
     
    එහිදී බදුන්වල හෝ භූමියේ ස්ට්‍රෝබෙරි වගා කිරීම සම්බන්ධයෙන් පුහුණුව සමඟ වගා තාක්‍ෂණයද අවශ්‍ය පැලද නොමිලේ සපයන අතර ඔවුන්ගේ අස්වනු අදාළ සමාගම මගින් මිළදී ගැනීමටද නියමිත බව බදුල්ල දිස්ත‍්‍රික් සමාජ සේවා නිළධාරී එස්.රවීන්ද්‍ර මහතා පැවසීය. 
     
    AP/DMU-Badulla 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya