ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    පෙර පාසැල් සදහා ඵලදායීතා සම්මාන පිරිනැමේ

    දෙසැම්බර් 18, 2015
    එදා පැරණි සමාජයට වඩා අද සමාජය වෙනස් වී ඇති බවත් අද අප සිටින්නේ ගෝලීයකරණය වූ ඩිජිටල් ලෝකයක බවත් ඒ ලෝකයට ගැලපෙන ආකාරයට දරුවන් සමාජගත කිරිම දෙමාපියන්ගේ වගකිම බවත් මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉෂාන් විජේතිලක මහතා පැවසීය.
    අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් ප්‍රකාශ කළේ පසුගියදා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති 2015 පෙර පාසල් ඵලදායීතා සම්මාන උළෙලට සහභාගි වූ අවස්ථාවේදීය.
     
    කාර්ය බහුල සමාජයක් තුළ ජීවත් වන දෙමාපියන්ට පාසල් යන වයස තෙක් දරුවන් රැක බලා ගැනිමට ඇති එකම ස්ථානය පෙර පාසල බවත් දරුවන් විශාල ප්‍රමාණයක වගකිම දරණ හා දරුවන්ගේ ජීවිත සකස් කරන මුල්ම ගුරුවරයා වන පෙර පාසල් ගුරු මාතාවන් මෙවැනි සම්මාන වලින් ඇගයිම් කිරිම අගය කළ යුතු බවත් විජේතිලක මහතා තවදුරටත්පැවසීය.
     
    පෙර පාසල් සදහා ඵලදායිතා සම්මාන පිරිනැමිම සම්බන්ධයෙන් අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා ඵලදායිතා ලේකම් කාර්යාලයට මෙහිදී තම ස්තුතිය පිරි නැමීය.
     
    දිස්ත්‍රික්කයේ පෙර පාසල් 67 කින් ප්‍රථම ස්ථානය නාඋල රන්තරු පෙර පාසලටත්, දෙවන ස්ථානය මාතලේ ලිටිලි රේන්ජ් පෙර පාසලටත් ,තෙවන ස්ථානය රත්තොට සැන් ප්‍රැන්සිස් පෙර පාසලටත් හිමි විය. 
     
    මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඵලදායිතා අංශය මෙම උත්සවය සංවිධානය කොට තිබු අතර මෙහිදී නාඋල ප්‍රදේශිය 
    ලේකම් නිරෝෂන් කරුණාතිලක, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ අසංග දේවප්‍රිය යන මහත්මින් 
    විසින් අදහස් දැක්වූ අතර පෙර පාසල් සිගිත්තන්ගේ නර්ථන වලින් උත්සවය වර්ණවත් විය. 
      
    AP/DMU-Matale
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya