ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    පාරම්පරික වෙදකමට සවිමත් කර අපනයන උපක්‍රමයක් ලෙස භාවිතයට පියවර

    දෙසැම්බර් 18, 2015

    - ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා

     

    පාරම්පරික වෛද්‍ය ක්‍රම යළි ප්‍රචලිත කරමින් දේශීය ඖෂධ හා ඔසු ශාඛ ප්‍රවර්ධනය කිරීමට පියවර ගත යුතු බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි. එතුළින් අභාවයට ගොස් ඇති පාරම්පරික වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේද යළි භාවිතයට නැඹුරු වනවා සේම මෙරට අපනයන ප්‍රවර්ධනය කිරීම සඳහා ද මෙම ශිල්ප භාවිත කළ හැකි වේ.

    ඊයේ (17) කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පාරම්පරික වෛද්‍ය ක්‍රම පිළිබඳ පර්යේෂණ සිදු කළ විශේෂඥයින් පිරිසක් සමඟ පැවති හමුවක දී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

     

    පාරම්පරික වෛද්‍ය ක්‍රම ක්‍රමයෙන් අභාවයට යාමත් සමඟ බටහිර වෛද්‍ය විද්‍යාව වෙත සහ ආයුර්වේදීය වෛද්‍ය ක්‍රම වලට යොමු වනු දක්නට ලැබේ. නමුත්, රජයක් ලෙස පාරම්පරික වෛද්‍ය ක්‍රමවේදයන් යළි ජනප්‍රිය කිරීමට පියවර ගත යුතු බව විශ්වාස කරන්නේ යැයි ද හෙළ වෙදකම යළි නගා සිටුවමින් එය රටින් පිටත ජනප්‍රිය කිරීමට පියවර ගත යුතු බව ද ඒ හරහා ද මෙරට අපනයන ආදායම ඉහළ නැංවීමේ හැකියාවක් පවතින බව ද අමාත්‍යතුමා මෙහිදී කියා සිටියේය.

     

    මෙම හමුවට සහභාගී වී සිටි පාරම්පරික වෛද්‍ය ක්‍රම පිළිබඳ පර්යේෂණ සිදු කළ සියළු දෙනා වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් තම පර්යේෂණ මෙහෙයවා තිබිණි. ශ්‍රී ලංකාවේ ද පර්යේෂණ හා සංවර්ධන කටයුතු මෙහෙයවීමේ දී පර්යේෂණ හා සංවර්ධන කටයුතු වෙනම මාවතකත් වෙළඳපොළ අවශ්‍යතා සහ ඉලක්කයන් වෙනම මාවතකත් ගමන් ගත් ක්‍රමය වෙනුවට, පර්යේෂණ-සංවර්ධන හා වෙළඳපොළ අවශ්‍යතා-ඉලක්ක එකිනෙක සම්බන්ධ වෙමින් කටයුතු කරන ක්‍රම වේදයක් ජනප්‍රිය කළ යුතු වන බව ඔහුගේ අදහසයි.

     

    මේ සඳහා පාරම්පරික වෙදකම සම්බන්ධයෙන් පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු කිරීම වෙනුවෙන් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ පාරම්පරික වෛද්‍ය ක්‍රම පිළිබඳ පර්යේෂකයින් එක්ව අවබෝධතා ගිවිසුමකට ද එළඹීමට අපේක්ෂා කෙරේ.

     

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය රනිල් ද සිල්වා යන මහත්වරුන් ද පාරම්පරික වෛද්‍ය ක්‍රම පිළිබඳ පර්යේෂකයින් කණ්ඩායමක් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya