ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    විශේෂ අවශ්‍යතා සහිත වුවන්ට විශේෂිත සෞඛ්‍ය පහසුකම්

    දෙසැම්බර් 18, 2015
    p XL1විශේෂ අවශ්‍යතා සහිත වුවන් සඳහා ස්ථාන පවත්වාගෙන යාමේදි නිතීයට අනුකූලව විශේෂිත සෞඛ්‍ය පහසුකම් සැලසිය යුතුයි.එසේ නොවුන හොත් නීතිය මගින් ක්‍රියා කල හැකි යැයි රත්නපුර දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසීය.
    ඒ මහතා එසේ ප්‍රකාශ කළේ ආබාධිත දිනය වෙනුවෙන් ඇහැලියගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ආබාධිත පවුලක් සඳහා නිවසක් ඉදිකර පිරිනැමීමේ උත්සවයට සහභාගී වෙමිණි.
     
    මෙරට ආබාධිතයින්ගෙන් වැඩිම ප්‍රමාණයක් සිටිනුයේ උතුරු හා නැගෙනහිරයි.රත්නපුර දිස්ත්‍රික්කය තුල දිවි ගෙවන සියලු විශේෂිත පුද්ගලයින් වර්ගීකරණය කර තොරතුරු පද්ධතියක් සකස් කළ යුතු යැයිද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
     
    ජිවත් වීමට නිවසක් නොමැති උපතින්ම පූර්ව ශ්‍රවණ කථන ආබාධ සහිත යුවල සහ ඔවුන්ගේ පෙර පාසල් වයසේ පසුවන දියණියක් සහිත පවුලට මෙම නිවස ඉදි කොට පිරිනමනුයේ ඇහැලියගොඩ ප්‍රාදේශිය ලේකම් ආර්.එච්.එස්.දිසානායක මහත්මියගේ මූලිකත්වයෙන් සබරගමු පළාත් පරිවාස,ළමාරක්ෂක හා සමාජ‍ සේවා දෙපාර්තමේන්තුව,ඇහැලියගොඩ ප්‍රාදේශීය ස්වශක්ති සංවිධානය හා ඇහැලියගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය ඒකාබද්ධවය.
     
    AP/DMu-Ratnapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya