ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මහනුවර සංවර්ධනය සදහා උපාය මාර්ගික සංවර්ධන සැළසුම් රැසක්.

    ජනවාරි 04, 2016
    මහනුවර නගරය ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධනය කොට මහජනතාව වෙත වඩාත් ඵලදායි සේවයක් ලබාදීමේ අරමුණින් උපාය මාර්ගික නගර සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ. මේ යටතේ මහනුවර නගරයේ පවතින ප්‍රධාන මාර්ග කිහිපයක් පුළුල් කොට සංවර්ධනය කිරීමටත් බස් පර්යන්ත තුනක් ඉදි කිරීමටත් නියමිතය.
    ඒ අනුව මෙම වැඩසටහන යටතේ මහනුවර නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග තුනක් මං තීරු හතරක් වන ලෙස පුළුල් කිරීමට යෝජිතය. ඒ අතරින් ප්‍රධානතම ව්‍යාපෘතිය වන්නේ මහයියාවේ සිට කටුගස්තොට දක්වා මාර්ගයයි. කි.මී. 2.5  කට වැඩි මෙම මාර්ගය සංවර්ධනය කිරීම සදහා රුපියල් මිලයන 3610 ක මුදලක් වෙන් කොට තිබේ. ඊ‍ට අදාල වන්දි ගෙවීම් සදහා රුපියල් මිලියන 1620  ක් වෙන් කොට ඇති අතර, මේ වන විට වන්දි ප්‍රදානය කිරීම් ආරම්භ කොට ඇත.
     
    මහනුවර නගරයට පේරාදෙණියේ සිට පිවිසීමට ඇති ප්‍රධාන මාර්ගයක් වන විලියම් ගොපල්ලව මාවතද මංතීරු හතරක් වන ලෙස මෙම වැඩසටහන යටතේ පුළුල් කෙරෙන අතර, ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 1850 කි. එයින් රුපියල් මිලියන 280 ක් ඉඩම් සහ දේපළ අහිමි වන පිරිස සදහා වන්දි ලෙස ගෙවීමට නියමිතය. 
     
    මහනුවර  නගරයේ දැඩි රථ වාහන තදබදයක් පවතින දුම්රිය ස්ථානයේ සිට ඔර්ලෝසු කනුව අසළ දක්වා මාර්ගයද මංතීරු හතරක් වන ලෙස පුළුල් කෙරෙන අතර, ඒ සදහා රුපියල් මිලියන 240 ක මුදලක් වෙන් කර ඇත. මීට අමතරව මහනුවර නගරයේ පවතින් අධික රථවාහන තදබදය පාලනය කිරීම සදහා අම්පිටියේ සහ තලාතුඔය සිට නගරය මගහැර ගමන් කළ හැකි පරිදි විකල්ප මාර්ග දෙකක්ද ඉදි කිරීමට රුපියල් මිලියන 2944 ක මුදලක් වෙන් ‍කොට තිබේ.
     
    සංවර්ධනය කිරීමට යෝජිත මෙම මාර්ග පද්ධතියට අමතරව මහනුවර නගරය වෙත පැමිණෙන මගී ප්‍රවාහන බස්රථ නවතා තැබීම සදහා බස් පර්යන්ත තුනක් කටුගස්තොට, ගැටඹේ සහ තැන්නේකුඹුර යන ප්‍රදේශ වන ඉදි කිරීමට නියිමිත අතර, ඒ සදහා රුපියල් මිලියන 3640 ක මුදලක් මේ වන විටත් වෙන් කොට තිබේ.
     
    AP/DMU-Kandy
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya