ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ජනපති පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් අනුරපුර දී පිංකම් හා පරිසර වැඩසටහන් රැසක්

    ජනවාරි 04, 2016
     
    ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තියට  වසරක් සම්පුර්ණ විම නිමිති කරගෙන රටට ජාතියට සෙත් පතා ආගමික වැඩසටහන්  හා රටේ පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනිම සදහා වන පාරිසරික වැඩසටහන් පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් රට  පුරා ක්‍රියාත්මක කිරිමට කටයුතු යොදා ඇත.
    ඒ අනුව ජනවාරි මස 08 වනදා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මුලිකත්වයෙන් වැඩසටහන් ගණනාවක් සංවිධානය කර තිබේ. ජනවාරි 8 වන දින සවස 6.30 ට පහන් දහසකින් යුත්  පහන් පුජාවක් පවත්වා , ඉන් අනතුරව සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනය පැවැත්වේ. පසුදා උදෑසන සංඝගත දක්ෂිණාවකි.
     
    හිංදු ආගමික වැඩසටහන අටවනදා පෙරවරු 07.00 ට අනුරාධපුර කදිරේෂන් කෝවිලේ දීත් , කතෝලික ආගමික වතාවත් එදින පෙරවරු 8.00 ට අනුරාධපුර මෛත්‍රී ක්‍රිස්තු දේවස්ථානයේදීත් පැවැත්වේ. ඉස්ලාම් ආගමික වතාවත් පැවැත්වෙන්නේ ජනවාරි අටවනදා ප.ව. 3.30 ට අනුරාධපුර ජුම්මා පල්ලීයේ දි ය. 
     
    පරිසර වැඩසටහන් අරඹමින් පැළ සිටුවිමේ වැඩසටහනක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වෙන අතර “පොලිතින් භාවිතයෙන් පරිසරයට සිදුවන හානිය ,, මැයෙන් දේශනයක් ද එදින පෙරවරු 10 ට පැවැත්වේ. තලාව පොලිස්ථානයේ සංවිධානයෙන් තලාව මොරගොඩ ප්‍රදේශයේ ජීව අලි වැට සකස් කිරිම ද මෙදින සිදු කෙරේ.
     
    මීට සමගාමීව දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යලයන් හි දී ආගමික හා පාරිසරික වැඩසටහන් සංවිධානය කර ඇත. එලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැවැත්වෙන මුළු සර්ව ආගමික වැඩසටහන් සංඛ්‍යාව 357 කි. පාරිසරික වැඩසටහන් 219 ක් පැවැත්වේ.
     
    AP/DMU-Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya