ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    මාතර - තවාන් කරුවන්ට රුපියල් 400,000 ක කෘෂි උපකරණ

    ජනවාරි 18, 2016
    මාතර දිස්ත්‍රික්කයේ තරුණ කෘෂි ව්‍යවසායකත්ව වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ලද තවාන් කරුවන් දිරිමත් කිරීමේ වැඩසටහන මගින් තවාන් කරුවන් 08 දෙනෙකු සඳහා රුපියල් 400,000 ක කෘෂි උපකරණ ප්‍රදානය කිරීම මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී විදානගමාච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
    මාතර, අකුරැස්ස, අතුරලිය, තිහගොඩ, පිටබැද්දර, කොටපොල, මුලටියන හා මාලිම්බඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රතිලාභීන් 08 දෙනෙකු තෝරාගෙන ඔවුන්ට වතුර මෝටර්, හයිබ්‍රිඩ් වතුර ටැංකි, වීල් බැරෝ, වතුර බට, සවල්, මල් බාල්දි, උදලු තල හා පැළ තවාන් කිරීම සඳහා පොලිතින් බෑග් ආදිය ලබා දෙන ලදි.
     
    ඊට අමතරව පේරාදෙණියේ දී හා තෙලිජ්ජවිල දී පුහුණු වැඩසටහන් දෙකක් පවත්වා ප්‍රායෝගික පුහුණුව ද ලබා දීම ද සිදු කෙරිණි.
    මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ සුජාති වීරසිංහ මහත්මිය ප්‍රධාන දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya