ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මාතර - පාරිභෝගික නීති උල්ලංගණය කළ වෙළඳුන්ට දඩ

    ජනවාරි 19, 2016
    මාතර දිස්ත්‍රික්කයේ පාරිභෝගික නීති උල්ලංගණය කළ වෙළඳුන්ගෙන් රුපියල් 3,607,000 ක් දඩ මුදල් වශයෙන් අය කරගෙන තිබේ.
    මිල ප්‍රදර්ශනය නොකිරීම, වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, කල් ඉකුත් වූ භාණ්ඩ විකිණීම හා අලෙවි කිරීමට ප්‍රදර්ශනයට තබා තිබීම, ප්‍රමිතියෙන් තොර භාණ්ඩ විකිණීම, බිල්පත් ලබා නොදීම, රජයෙන් වරින් වර නිකුත් කරන විධාන කඩ කිරීම,වගකීම් සහතික ලබා නොදීම, පාරිභෝගිකයා රැවටීම සහ පාලන මිලට වඩා වැඩි මිලට භාණ්ඩ විකිණීම ආදී වැරදි සඳහා මෙසේ දඩ මුදල් අය කර ඇත. 2015 වර්ෂයේ වැටලීම් 875 ක් සිදු කර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතට අනුව මෙම නඩු පැවරීම් සිදු කර ඇත. 
     
    මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ උපදේශකත්වය යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ කලාප සහකාර අධ්‍යක්ෂ එස්. නන්දසිරි මහතා සහ දිස්ත්‍රික් ප්‍රධානී ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී පී.ආර්.කේ.එස්. බණ්ඩාර  මහතා ඇතුළු නිලධාරීන් මෙම වැටලීම් සිදු කර තිබේ.
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya