ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    නිල්වලා ගඟට එකතු වූ ඩීසල් ඉවත්කර ගඟ යථා තත්ත්වයට පත් කරමින් පවතී

    ජනවාරි 19, 2016
    මාතර - අකුරැස්ස නගරයේ ඉන්ධන පිරවුඹ් හලක භුගත ඉන්ධන ටැංකියක සිදු වූ කාන්දුවකින් නිල්වලා ගඟට ඩීසල් මිශ්‍රවීම නිසා මාතර දිස්ත්‍රික්කයේ ජල පාරිභෝගික ජනතාව දුෂ්කරතා වලට මුහුණ දී ඇත.
    මාතර ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, මධ්‍යම පරිසර අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, 
    වෙරළාරක්ෂක බලකාය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය හා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ආදී ආයතන 
    අනිල්වලා ගඟේ ජලය පිරිපහදු කිරීමේ කටයුතු වල නිරතව සිටී.
     
    මේ පිළිබඳව අදහස් දැක් වූ මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මිය පැවසුවේ ඉන්ධන මිශ්‍රවීම හේතුවෙන් 
    නිල්වලා ගඟේ ජලය අපවිත්‍ර වී තිබෙන බැවින් ඉතා ඉක්මණින් එය පිරිපහදු කර යථා තත්ත්වයට පත් කිරීමට අදාළ ආයතන දැනුම්වත් කර ඇති බවත් කඩිනමින් මෙම ගැටළුව විසඳීමට කටයුතු කර ජනතාවට සහන සලසන බවත් ය.
     
    එතුමිය වැඩිදුරටත් පැවසුවේ දැනට ලබා දෙන ජලය වඩාත් අරපිරිමැස්මෙන් අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් පාවිච්චි 
    කරන ලෙසයි.
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya