ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    අංගාදේශක හා සෘජුකරණ පුහුණූ පාසල සෞඛ්‍ය අමාත්‍යාංශයට නිළ වශයෙන් බාර දෙයි.

    ජනවාරි 20, 2016
    රාගම පුනරුත්ථාපන රෝහලේ අංගාදේශක හා සෘජුකරණ පුහුණූ පාසල නිළ වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දීම පසුගියදා  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති විශේෂ උත්සවයක දී සිදු කරන ලදි.
    ශ‍්‍රී ලංකා අංගාදේශක හා සෟජුකරණ පුහුණූ පාසල ජපානයේ නිපෝන් පදනම” නැමැති රාජ්‍ය නොවන සංවිධානයේ මැදිහත්වීමෙන් අවබෝධතා ගිවිසුමකට අනුව රාගම පුනරුත්ථාපන රෝහල් භූමියේ  පිහිටුවීමට කටයුතු කරන ලදි.
     
    එම ආයතනය විසින් නොමිලයේ ආබාධිත වූවන් සදහා අවශ්‍ය කෘත‍්‍රීම අත්, පා සහ අනෙකුත් අංගෝපාංග සදා රජයේ රෝහල්වලට සැපයීම සිදු කරන ලද අතර, ඊට අමතරව අංගාදේශක හා සෘජුකරණ ක්ෂේත‍්‍රය සඳහා අවශ්‍ය නිලධාරින් පුහුණූ කිරීම ද සිදු කරනු ලැබිය. ඔවුන් යටතේ පුහුණු වී සුදුසුකම්ලත්, සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිගත් ආංගාදේශක හා සෘජුකරණ නිලධාරීන් 56 ක් දැනට ශ‍්‍රි ලංකාවේ සේවය කරනු ලබයි. 
     
    නමුත් එම ගිවිසුම් කාලය අවසන් බැවින් ගිවිසුම් ප‍්‍රකාරව එම ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශයට නිළ වශයෙන් පැවැරීම රාගම පුනරුත්ථාපන රෝහලේ දී  සිදු කරන ලදි. 
     
    අදින් පසු මෙහි පරිපාලන හා සේවා කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෘජු අධික්ෂණය යටතේ සිදු කිරීමට නියමිතය. 
     
    මෙම අවස්ථාවට රාගම පුනරුත්ථාපන රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පුහුණූ හා පර්යේෂණ* වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා, නිපොන් පදනෙමි විධායක අධ්‍යක්ෂ Mr. Shuichi Ono, ජපන් තානාපති කාර්යාලයේ මෙහෙයුම් ප‍්‍රධානී Ms. Asako Okai" නිපොන් පදනෙමි සභාපති Mr. Takeju Ogata, විධායක අධ්‍යක්ෂ The Exceed World Wide) Mr. Carson Hatre ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් එක්ව
    සිටියහ.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya