ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    අධික ශබ්ද සහිත වාහන 46ක බලපත්‍ර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතට

    ජනවාරි 20, 2016

    ගාල්ල, මාතර මහා මාර්ගයේ ධාවනය වන වාහනවල අධික නලා ශබ්දය මැණීමේ ක්‍රියාවලියේ දී අධික ශබ්ද පරිහරණය කළ වාහන 46 ක ආදායම් බලපත්‍ර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතට භාරයට ගෙන තිබේ.

     

    මධ්‍යම පරිසර අධිකාරිය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ හබරාදුව පොලීසිය එක්ව පසුගිය දා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇත.

     

    කොග්ගල ආයෝජන මණ්ඩලය ඉදිරිපිට දී පසුගිය 18 වැනි දා පෙ.ව 09 සිට 02 දක්වා පැවති මෙම විශේෂ පරික්ෂණයේ දී වාහන 51ක් පරික්ෂාවට ලක් වී ඇති අතර මධ්‍යම පරිසර අධිකාරියේ නියමිත ශබ්ද මට්ටම පැවතී ඇත්තේ මින් වාහන 05 ක බව අධිකාරිය පවසයි.

     

    ආදායම් බලපත්‍ර ලබා ගත් වාහන 46 ප්‍රමිතියෙන් තොර නලා ඉවත් කොට ප්‍රමිතියට අනුකූල නලා සවි කොට දින 10ක් ඇතුළත ඒ පිලිබඳව ගාල්ල මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කොට අදාළ සහතිකය ලබා බල පත්‍ර නැවත ලබා ගන්නා ලෙසට වාහන හිමියන් දැනුවත් කළ අතර එසේ සිදු නොකරන වාහන හිමියන් ට එරෙහිව නීති මගින් ක්‍රියාත්මක කරන බවට ඔවුනට දන්වා ඇත. මෙයට අමතරව මාර්ග නීති පිළිබඳව රියදුරන් දැන්වත් කිරීම ද මෙහි දී සිදු කරනු ලැබිණ.

    DMU/Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya