ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    සෑම නිවසකටම ලබන සිංහල, හින්දු අලුත් අවුරුද්දට පෙර 100%ක් විදුලිය - අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

    ජනවාරි 20, 2016
    දිවයිනේ සෑම නිවසකටම  සිංහල, හින්දු අලුත් අවුරුද්දට පෙර විදුලිය ලබා දිමට රජය කටයුතු කරන බව විදුලි බල හා පුනර්ජනණීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
    පසුගියදා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති කෑගල්ල දිස්ත්‍රික්කයේ විදුලිය නොමැති නිවාස සදහා විදුලිය ලබාදීම සදහා පැවැති සාකච්ජාවට සහභාගි වෙමින් ඒ මහතා මෙම අදහස් ප්‍රකාශය කරන ලදි.
     
    පෙබරවාරියේ දී කෑගල්ල දිස්ත්‍රික්කයට 100%ක් විදුලි බලය ලබාදෙනවා. මෙම පණිවිඩය කෑගල්ල දිස්ත්‍රික්කයේ විදුලිය නොමැති සියලු දෙනා වෙත දැන්විය යුතුයි. දිවි නැගුම සංවර්ධන අරමුදලින් මෙම වැඩ සටහන සදහා රුපියල් බිලියන 4ක් විදුලි බල මණ්ඩලයට ලබා ගෙන තිබෙනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ 98%කට මේ වන විට විදුලි බලය ලබා දී අවසන්. තවත් නිවාස 3500 කට පමණ ප්‍රමාණයකට විදුලි බලය ලබාදිය යුතුව තිබෙනවා. එම නිවාස සඳහාත් ලබන පෙබරවාරි මස 4 වන දින වනවිට විදුලිය ලබා දී අවසන් කළ යුතුයි. මෙම කාර්යේ දී සැම දෙනාගේ සහාය ද විදුලි බල මණ්ඩලයට අවශ්‍ය වෙනවා යයි අමාත්‍යවරයා පැවැසීය.
     
    ආර්ථික අපහසුතා නිසා විදුලිය ලබා නොගත් ලක්ෂ දෙකක පමණ පිරිසක් සිටිනවා. ඔවුන්ටත් විදුලිය ලබාදිම රජයේ අපේක්ෂාවයි. ඒ වෙනුවෙන් ජාතික විදුලි සත්කාරක වැඩ සටහන ක්‍රියාත්මක කරන බව ද එහි දී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවැසීය.
     
    විදුලි බල හා පුනර්ජනණීය බලශක්ති අමාත්‍යංශ ලේකම් සුරේන් බටගොඩ මහතා, කෑගල්ල වැඩ බලන දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතා, කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු, විදුලි බල මණ්ඩයේ නිළධාරීහු, කෑගල්ල දිස්ත්‍රික්කයේ වතු සමාගම්වල නියෝජිතයෝ ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.
     
    DMU/Kegalla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya