ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රථම බහු කාර්ය ධීවර වරාය සංකීර්ණය හලාවත උඩප්පුවට

    ජනවාරි 26, 2016
    ශ්‍රී ලංකාවේ ප්‍රථම බහු කාර්ය ධීවර වරාය සංකීර්ණයක ඉදිකිරීම් නුදුරේදීම ආරම්භ කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
    ඒ සඳහා මුලික සාකච්ඡා කිහිපයක්ම  පැවැත් වූ බවත් යෝජිත බහු කාර්ය ධීවර වරාය සංකීර්ණය ඉදිකිරීම් සැලසුම් පිළිබඳව ද තීරණ රැසකට එළබ ඇතැයි අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කළේය.
     
    මෙම බහු කාර්ය ධීවර වරාය සංකීර්ණය සඳහා ණය ආධාර සපයනුයේ කොරියානු රජය විසිනි. මෙම ව්‍යාපෘති සඳහා ලබා ගන්නා ණය ආධාර යෝජිත බහු කාර්ය ධීවර වරාය සංකීර්ණයේ සේවා සපයා උපයන ආදායමෙන්ම ගෙවා නිම කිරීමට සැලසුම් කර ඇත. එලෙසෙම සහනදායී පදනමක් මත මෙම ආධාර ලබා දීම මඟින් එය ගෙවා නිම කිරීමේ සැලසුම පහසු  කර ගැනීමට   හැකි වී තිබේ. හලාවත, උඩප්පුව වෙරළ තීරයට යාබදව මෙම ප්‍රථම බහු කාර්ය ධීවර වරාය සංකීරණය ඉදිකිරීමට සැලසුම් කර තිබේ. 
     
    විශාල යාත්‍රා වලට පිවිසිය හැකි එවැනි යාත්‍රාවකට පහසුකම් සැපයිය හැකි කාර්යාල සංකීර්ණයක් සැකසුම් මධ්‍යස්ථානයක් ශීතාගාර මෙහෙයුම් මධ්‍යස්ථානයක් මෙන්ම ලොව පිළිගත් නවීන තාක්ෂණික ක්‍රම වේදයන් හා උපකරණ වලින් සමන්විත වන පරිදි මෙම බහු කාර්ය ධීවර වරාය සංකීර්ණය ඉදි කිරීමට සැලසුම් කර ඇත.
     
    යෝජිත බහු කාර්ය ධීවර වරාය සංකීරණය පිළිබඳව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සහ කොරියානු රජයේ විශේෂ නියෝජිතයින් අතර ධීවර අමාත්‍යංශයේදී සාකච්ඡාවක් ඉකුත් දා පැවැත්විණ.
     
    ධීවර කර්මාන්තයට මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට ද මුහුදු ප්‍රවාහන සේවා වලට පහසුකම් සැපයිය හැකි වන පරිදි ද මෙම බහු කාර්ය ධීවර වරාය සංකීර්ණයේ ඉදිකිරීම් සැලසුම් කිරීමට අමාත්‍යවරයා සහ කොරියානු නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවේ දී අවධානය යොමු විය.
     
    මෙම බහුකාර්ය ධීවර වරාය සංකීර්ණයට සමගාමීව ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය ඍජු හා වක්‍ර රැකියා ඇති කිරීම, නිවාස හා කර්මාන්ත ව්‍යාපෘති බිහිකිරීම ඇතුළු ජාතික සංවර්ධනයට මහෝපකාරී වන ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි සැලසුම් සකස් කර ඇත. 
     
    AP
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya