ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතා ගැටළු සාකච්ඡා කෙරේ

    ජනවාරි 26, 2016

    වකුගඩු රෝග නිවාරණ වැඩසටහනක අවශ්‍යතාවය, මාර්ග රථවාහන ක්‍රමවත් බව, නව පොලිස් ඒකක ගාල්ල දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත කිරීම සහ අත්පත් කරගනු ලබන ඉඩම් හි නිවාස යෝජනා කිහිපයක් ආරම්භ කිරීම ඇතුළු දිස්ත්‍රික්කයේ ජනතාවට ඝෘජුව බලපාන කරුණු රැසක් ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී සාකච්ඡාවට ලක් වී තිබේ.

    මෙම වස‍රේ ගාල්ල දිස්ත්‍රික් පළමු සම්බන්ධීකරණ කමිටුව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ (25) පැවැත් වූ බව ගාල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

     

    ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිඅරච්චි මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියගේ ‍සම සභාපතීත්වයෙන් මෙම කමිටුව පැවැත්විණි.

     

    2016 වර්ෂයේ දී සිදු කිරීමට නියමිත ව්‍යාපෘති යෝජනා රැසක් ‍‍මෙහි දී සාකච්ඡාවට ලක් වූ අතර පසුගිය වර්ෂයේ දී සම්පූර්ණ කළ නොහැකි වූ ව්‍යාපෘතින් පිළිබඳව ද සාකච්ඡා විය.

     

    පාර්ලි‍මේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, අමාත්‍ය වජිර අබේවර්ධන, ගරු අමාත්‍ය චන්දිම වීරක්කොඩි, නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම සහ වෛද්‍ය රමේෂ් පතිරණ, මොහාන් පී ද සිල්වා සහ බන්ධුලාල් බණ්ඩාරිගොඩ යන ගාල්ල දිස්ත්‍රික් පාර්ලි‍මේන්තු මන්ත්‍රීවරුන් ‍මෙන්ම දකුණු පළාත් සභා නියෝජිතයින් රැසක්ද මේ සඳහා සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya