ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය නවීකරණය කෙරේ

    ජනවාරි 28, 2016
    පසුගිය රජය සමයේ නිසි කළමණාකාරිත්වයකින් තොරව පවත්වාගෙන ගිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන නිසා රජයට විශාල ලෙස පාඩුවක් සිදු වී ඇතැයි ග්‍රාමීය කර්මාන්ත අමාත්‍ය පී.හැරිසන් මහකා පැවසීය.
    අමාත්‍යවරයා පසුගියදා නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය තුල ගබඩා සංකීර්ණ පරිකෂා කිරිමේ අවස්ථාවට එක්වෙමින් මේ බව පැවසීය.
     
     
    වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා එහි අරමුණු පාරිභෝගිකයා හට ඉටු වී නොමැති බවද ඒ පිළිබදව සොයා බැලීමේ දී දැකගන්නට හැකි වු බවද කීය.
     
    මෙම ආර්ථික මධ්‍යස්ථාන තුල සිය වෙළද කටයුතු පවත්වාගෙන යනු ලැබු බහුතර වෙළදසැල් හිමියන් වසර ගණනාවක් පුරා කඩකුලි ගෙවා නොමැති අතර සමහර කඩ බදුගත් කඩහිමියන් ඉතා අධික මිල ගණන් යටතේ බදු ගිවිසුම් වලට පටහැනිව වෙනත් අය වෙත කඩ බදු දී ඇති බව කරුණු අනාවරණය වුණා.සමහර ගබඩා නිසි නඩත්තුවක් නොමැතිව ගරා වැටි තිබුණා
    .
    වර්තමාන රජයේ නිසි ආර්ථික කලමණාකරනය යටතේ මේ වන තෙක් ආර්ථික මධ්‍යස්ථාන තුල කඩකුලි ගෙවා නොමැති සියළු කඩ හිමියන්ගෙන් හිග ණය මුදල් අය කරගෙන ඇති අතර ආර්ථික මධ්‍යස්ථාන තුල කඩ හිමියන්ගේ සහ එහි පැමිණෙන පාරිභෝගිකයන්ගේ සුවපහසුව සදහා අදාල සංවර්ධන කටයුතු ද නිම කරන්න පුළුවන් වුනා.
     
    මෙම සංවර්ධන කටයුතු වෙනුවෙන් 2015 වසරේ රජය රුපියල් මිලියන හතක් වැය කළ අතර හිස්ව තිබු ගබඩා හා කඩ කාමර ද පිළිගත් ටෙන්ඩර් ක්‍රම වේදයකට අනුව බදු දීමට මේ වනවිට කටයුතු කරන්න ලැබීම පාරිභෝගිකයා මෙන්ම වෙළද මහතුන් වෙනුවෙන් යහපාලන ආණ්ඩුව ගත් තිරසාර පියවරක් ලෙස මට කියන්න පුළුවන් යයිද පැවසීය.
     
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya