ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සැමට විදුලිය

    ජනවාරි 28, 2016
    සිංහල දමිල අළුත් අවුරුද්දට පෙර නුවරඑළිය දිස්ත්‍රික්කයේ විදුලිය නොමැති සෑම නිවසකටම විදුලිය ලබාදීමට පියවර ගන්නා බව විදුලිබල හා පුණර්ජනනිය බලශක්ති  නියෝජ්‍ය අමාත්‍ය අජිත් පි පෙරේරා මහතා පැවසීය.
    නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ ආදායම් තත්වය නොසලකා විදුලිය අවශ්‍ය සෑම නිවසක්ම වයරින් කර  විදුලිය  ලබා දීමට විදුලිබල මණ්ඩලය කටයුතු කරන බවත්, ඊට අදාල මුදල් සහන පොලියක් යටතේ වාරික 72 කින් අයකර ගැනීමට කටයුතු කරන බවත්ය.
     
    විදුලිබල හා පුණර්ජනනිය බලශක්ති අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක "රටම එලියයි අදුර දුරලයි" ජාතික විදුලි සත්කාරක වැඩසටහන පිළිබදව දැනුවත් කිරීම සදහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පැවසීය.
     
    මෙහිදි තවදුරටත් අදහස් දැක්වු  නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ  දැනට විදුලිය නොමැති නිවාස 5,285 ක් පමණ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හදුනාගෙන ඇති බවත්. විදුලිය ලබාදීමේ නීති ලිහිල් කර නව වැඩපිළිවෙල යටතේ මෙම ප්‍රමාණය වැඩිවිය හැකි බවත්ය. ඉඩමේ අයිතිය නොමැති වුවත් පදිංචිය සහතික කර ගැනීම පමණක් විදුලිය ලබාගැනීමට ප්‍රමාණවත් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
     
    දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල මහත්මියගේ මෙහෙයවීමෙන් පැවති මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සදහා මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිළධාරින් රැසක් සහභාගී වුහ.
     
    AP/DMU-Nuwaraeliya
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya