ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ක්‍රීඩා ශරීර සුවතා ප්‍රවර්ධන සතිය ගාල්ලේ දී

    ජනවාරි 29, 2016

    ක්‍රීඩා ශරීර සුවතා ප්‍රවර්ධන සතියට සමගාමීව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් අද සහ හෙට (29,30) යන දෙදින තුළ වැඩසටහන් කිහිපයක් සංවිධානය කොට ඇත.

    ඒ අනූව අද දිනේ වැ.බ දිස්ත්‍රික් ලේකම් තුමියගේ මගපෙන්වීම අනූව දැනුවත් කිරීමේ පාගමනක් පෙ.ව 9 ට ආරම්භ කොට ගාලු නගරය තුළ පැවැත් වීමට කටයුතු යොදා ඇති අතර ඒ සඳහා නිලධාරීන් මෙන්ම මහජන නියෝජිතයින් රැසක් ද සහභාගී වීමට නියමිතය.



    එමෙන්ම හෙට දින(30) ගාල්ල දඩල්ල ක්‍රීඩාංගණයේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය නිලධාරීන් උදෙසා සංවිධානය වන ක්‍රීඩා තරඟා රැසක් ද පැවැත් වේ.සැහැල්ලු පන්දු ක්‍රිකට්, කෙටිදුර දිවීම, දුර දිවීම ආදී පිරිමි සහ කාන්තා තරඟ ඉසව් රැසක් එදින උදෑසන සිට පැවැත් වේ. ජයග්‍රහක ජයග්‍රාහිකාවන්ට සහතිකපත් පිරිනැමීමද එදින සිදු වේ.

    මෙම වැඩසටහන ක්‍රීඩා අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ගාල්ල දිස්ත්‍රික් ක්‍රීඩා ඒකකය විසින් සංවිධානය කරනු ලබයි.

    DMU/Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya